පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ සඳහා ගමනාගමන මණ්ඩලයේ ඩීපෝ මගින් ඉන්ධන ලබාදීම මේ වනවිට ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.
මෙමගින් ඉන්ධන නිකුත් කිරීම සිදු කරනු ලබන්නේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ලියාපදිංචි වී ඇති සහ දැනට මාර්ගවල ධාවනය වන බස් රථ සඳහාය.
එම ඉන්ධන ලබා ගැනීමේ ක්‍රියාවලිය සඳහා පෞද්ගලික බස් හිමියන් තම බස් රථය ගමනාගමන කොමිසමේ හෝ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිවල ලියාපදිංචි වී ඇත්දැයි තහවුරු කිරිම අනිවාර්ය වේ.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සූජීව කනකරත්න සඳහන් කරන්න්, දිවයින පුරා ඩීපෝ 107න් ඩිපෝ 103ක ඉන්ධන ලබාදිම සිදු කරන බවය.
එලෙස තහවුරු කිරිමෙන් අනතුරුව අදාළ පෞද්ගලික බස් හිමියන්ට තම ගමන්වාරය සඳහා අවශ්‍ය ඉන්ධන ලබා ගැනිමට ලංගම ඩිපෝ මගින් හැකියාව ලැබෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
3
Saru News
















