පෞද්ගලික අංශයේ වැටුපත් වැඩිවෙයි… – Saru News | සිංහල

0
7

මෙම ජනවාරි 01 සිට ක්‍රියාත්මක වන පිරිදි 2025 අංක 11 දරන සේවකයන්ගේ ජාතික අවම වේතන සංශෝධන පනතට අනුව පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් ඉහළ දමා තිබේ.

කම්කරු කොමසාරිස් ජනරාල් එච්.එම්.ඩී.එන්.කේ වටලියද්ද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, පෞද්ගලික අංශයේ සේවකයකුගේ අවම මාසික වැටුප රුපියල් 27,000 සිට රුපියල් 30,000 දක්වා ඉහළ යන බවය.

එමෙන්ම මීට සමගාමීව අවම දෛනික වැටුපද රුපියල් 1,080 සිට රුපියල් 1,200 දක්වා වැඩි කර ඇත.

අතරමැදියන් හෝ කොන්ත්‍රාත්කරුවන් හරහා සේවයේ යොදවා සිටින සේවකයන් සම්බන්ධයෙන්ද මෙම පනත ක්‍රියාත්මක විය යුතුය.

එහිදී ආසන්නතම සේවායෝජකයා මෙන්ම අවසාන සේවායෝජකයාද මෙම ගෙවීම් සම්බන්ධයෙන් වගකීමට බැඳී සිටින බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මෙම වැටුප් වැඩි කිරීම අනුව සේවක අර්ථසාධක අරමුදල්, සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල්, අතිකාල, පාරිතෝෂික, ප්‍රසූතිකාධාර ගෙවීම් සහ නිවාඩු දින ගෙවීම් යනාදී සියලු ව්‍යවස්ථාපිත ගෙවීම් සඳහා අදාළ කර ගැනීමේ වගකීම සේවායෝජකයන් වෙත පැවරෙනු ඇත.

යම් හෙයකින්, නිසි පරිදි ගෙවීම් නොකරන සේවායෝජකයන් වෙතොත් ඒ සම්බන්ධයෙන් වන පැමිණිලි cms.labourdept.gov.lk ඔස්සේ කම්කරු දෙපාර්තමේන්තුවේ, පැමිණිලි කළමනාකරණ පද්ධතියට ඇතුළත් කිරීම හෝ ළඟම පිහිටි කම්කරු කාර්යාලයට ලිඛිතව ඉදිරිපත් කළ හැකි බවය එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.


103

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here