පෝෂණ ගුණයෙන් අනූන “හතු සහ බෝංචි ඇට සලාදය”

0
11


උත්සව සමයේ  ඔබගේ නිවෙසට පැමිණෙන  අමුත්තන් ආදරයෙන් පිළිගෙන ඔවුන්ට සංග්‍රහ කිරීමට ඔබ ඉතාමත් කැමති බව අප දන්නවා.ඉතින් ඔබේ ඒ කාර්යය පහසුකරමින්  රසවත් කෑම වට්ටෝරු රැසක් ඔබට ගෙන එන්නට අප සූදානම්….

මේ මෂ්රූම් සහ බෝංචි ඇට සලාදය හදන ආකාරයයි.

අවශ්‍ය දේවල්.

  • හතු ග්‍රෑම් 500ක්
  • තම්බාගත් බෝංචි ඇට ග්‍රෑම් 50ක්
  • ස්වීට් චිලී ඩ්‍රෙසින්
  • සීනි ග්‍රෑම් 100ක්
  • රයිස්  වින්ගර්` මි.ලී  200ක්
  • කුඩාවට කපාගත් සුදුලූනු ග්‍රෑම් 25ක්
  • මිරිස්  කැබලි ග්‍රෑම් 50ක්
  • ලුණු රස අනුව

සාදන ක්‍රමය

හතු සෝදා ඉරා  ලුණු ,ගම්මිරිස් මිශ්‍ර කර ග්‍රිල් කරගන්න. ග්‍රිල් එකක් නොමැතිනම් සාස්පානකට තෙල් ටිකක් දමා රත්කර හතු දමා දෙපැත්ත පෙරළමින් බදින්න. දැන් තම්බාගත් බෝංචි හතු සමග මිශ්‍ර කරන්න. ඩ්‍රෙසින් එකට අවශ්‍ය ද්‍රව්‍ය සියල්ල මිශ්‍ර කර බෝංචි සහ හතු සමග මිශ්‍ර කරන්න.

-ඉරේෂා-



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here