පෝලිම් පිටුපස ඩොලර් මිලියන 7500ක කොල්ලයක් – Saru News | සිංහල

0
2

මැදපෙරදිග යුද්ධයේ විනාශකාරී ප්‍රතිවිපාක මුළු ලෝකයට ම අත් වෙමින් තිබියදී මෙරට තුළ ඉන්ධන ප්‍රශ්නයක් මතු වීම සහ 2022 පෝලිම් ඇතිවීම කිසිසේත් ම සමාන නොවන බව දේශපාලන නිරීක්ෂකයින් අවධාරණය කරති.

සමස්ත රජයේ වියදම්වලින් 70%ක් පිළිබඳව වගකීම් ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ පවුල දරමින් සිටිය දී 2022 පෝලිම් යුගය නිර්මාණය විය. ඉන්ධන, ගෑස්, කීරිපිටි සහ ඖෂධ ඇතුළු ජන ජීවිතයට එදිනෙදා අත්‍යාවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ආනයනය කිරීමට විදේශ විනිමය නොමැති වූයේ එම පවුල් පාලනය යටතේ ය.

මෙරට ආර්ථිකය බංකොලොත් කිරීමට ගෝඨාභය, බැසිල් සහ මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු බව 2023 නොවැම්බර් 14 වෙනි දින ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. එම තීන්දුවේ මූලික වශයෙන් සඳහන් වන්නේ 2019 වසර අවසන් වනවිට ඩොලර් මිලියන 7,642ක් ව පැවති නිල විදේශ සංචිත ප්‍රමාණය 2021 අගෝස්තු වනවිට ඩොලර් මිලියන 155 දක්වා විශාල වශයෙන් කඩා වට්ටා තිබූ බව ය. මේ අනුව, රාජපක්ෂ පාලනය විසින් විදේශ විනිමය නාස්තිය සහ කොල්ලකෑම නිසා මුළු රටම බංකොලොත් කරනු ලැබීය.

1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here