පෝර්ට් සිටියේ නියෝගවල සංශෝධනයක්

0
3

කොළඹ වරාය නගරය (ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාර සඳහා නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් ප්‍රදානය කිරීම පිළිබඳ මාර්ගෝපදේශ – තීරුබදු රහිත මෙහෙයුම්) නියෝග සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

අනුමත වාර්ෂික තීරු බදු හිමිකම ඇමෙරිකානු ඩොලර් 2,000 ක සීමාව සංශෝධනය කිරීමකින් තොරව කොළඹ වරාය නගරයේ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයෙන් භාණ්ඩ මිලදී ගැනීම සඳහා විදේශයක සිට මෙරටට පැමිණෙන මගියකුට මෙරටට පැමිණි දින සිට දින 4 ක් තුළ අවස්ථා දෙකකදී ඉඩ සලසා දීමට හැකිවන පරිදි අදාල නියෝග සංශෝධනය කිරීම පිණිස 2025-12-22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව, අංක 2475/28 හා 2026-02-13 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති සංශෝධිත නියෝග, 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ විධි විධාන පරිදි පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here