පෝට් සිටියෙන් ගේම ඉල්ලන මාලදිවයින? ඩොලර් බිලියන 9 ක නිදහස් වෙළඳ නගරයක්?

0
3


සටහන – පුලී
මැයි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
 මාලදිවයින රජය, MBS Global Investments සමඟ එක්ව, ඩොලර් බිලියන 8.8 ක ජාත්‍යන්තර මූල්‍ය නිදහස් කලාපයක් නිර්මාණය කිරීම සඳහා මෑතකදී කළ නිවේදනයක් දකුණු ආසියාවේ ආර්ථිකමය සංසිද්ධියක් ඇති කරලීමට සමත් විය.
මාලදිවයින ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (MIFC) ලෙස නම් කරන ලද මෙම ව්‍යාපෘතිය තුළින් විශේෂයෙන් ශ්‍රී ලංකාවේ දැඩිව කතාබහට ලක්වන කොළඹ වරාය නගරයේ ආර්ථිකමය අරමුණු පිළිබිඹු කරන අතර එමඟින් විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ කලාපයේ ඇතිවන බාධාවන් පිළිබිඹු කරයි.
මාලදිවයින දැන් ඉන්දියානු සාගරයේ ප්‍රමුඛතම මූල්‍ය හා ව්‍යාපාරික මධ්‍යස්ථානය බවට පත්වීමේ තරඟයට ස්ථිරවම අවතීර්ණ වී සිටින නමුත් කොළඹ එහි අභිලාෂයන්ට බරපතල තර්ජනයක් එල්ල කරමින් සිටී.
2030 වසර වන විට නිම කිරීමට නියමිත MIFC ව්‍යාපෘතියෙහි ලාභදායී ප්‍රතිපත්ති මාලාවන් අනුව ශුන්‍ය ආයතනික බදු, බදු රහිත උරුමයන්, සම්පූර්ණ විදේශීය හිමිකාරිත්වය සහ දැඩි පෞද්ගලිකත්ව ආරක්ෂණ ඒ අතර වේ.
මෙම ප්‍රතිපත්ති විශේෂයෙන් සකස් කර ඇත්තේ ඉහළ ශුද්ධ වටිනාකමක් ඇති පුද්ගලයින්, ඩිජිටල් ක්‍රියාකාරීන්, ගෝලීය ආයෝජකයින් සහ ෆින්ටෙක් පුරෝගාමීන් ආකර්ෂණය කර ගැනීම සඳහා විය.
සැලකිය යුතු කරුණක් නම්, මැද පෙරදිග සහාය සහ භූ දේශපාලනික බර පෙන්නුම් කරන කටාර් රාජකීය පවුලේ සාමාජිකයෙකුගේ සභාපතිත්වයෙන් යුත් MBS Global Investments හි සහයෝගයෙන් මෙම ක්‍රියාවලින දියත් වීමයි.
චීන ආයෝජන සමඟ සංවර්ධනය කරන ලද සහ ඩුබායි හෝ සිංගප්පූරුවට ශ්‍රී ලංකාවේ පිළිතුර ලෙස මුලින්ම යෝජනා කරන ලද කොළඹ වරාය නගරය, ජාත්‍යන්තර ප්‍රාග්ධනය සඳහා වූ චුම්භකයක් වීය
එහෙත් ව්‍යාපෘති ප්‍රමාදයන්, නීතිමය අරගල, පාරිසරික විරෝධතා සහ මෑතකදී ප්‍රතිපත්ති අවිනිශ්චිතතාවයන්ට ඔවුන් වර්තමානයේදී මුහුණ දී ඇත.
වසර ගණනාවක මූලික කටයුතු තිබියදීත් ශ්‍රී ලංකාවේ අඛණ්ඩ ආර්ථික අස්ථාවරත්වය එයට මූලිකවම බාධා පමුණුවා ඇත. ඊට වෙනස්ව, මාලදිවයිනෙහි යෝජනාව වඩාත් ඒකාබද්ධ, දේශපාලනික වශයෙන් ස්ථාවර සහ මූල්‍යමය වශයෙන් සුරක්ෂිත බව පෙනේ. බොහෝ ආයෝජකයින් බලාපොරොත්තු වන්නේ ද එයයි.
මාලදිවයිනේ සැලැස්මෙහි පස්වන වසර වන විට ඩොලර් බිලියන 1 කට වඩා ආදායමක් පුරෝකථනය කරන අතර, මෙම දශකය අවසන් වන විට එය සම්පූර්ණ කිරීමට ද අපේක්ෂා කෙරේ.
මේ අතර, කොළඹ වරාය නගරය තවමත් දේශීයව පැන නගින ගැටළු සහ විදේශීය බලපෑම් මෙන්ම අනෙකුත් බැටකෑම් හමුවේ පොර බඳිමින් සිටී.
චීන අඩිපාරේ යමින් වරාය නගරය ගොඩ නැගුණු අතර එහි විනිවිදභාවයක් නොමැති බව හේතුවෙන් මේ වනවිට විවේචනයන්‍ට ලක්ව ඇති අතර, එම සිදුවීම ණය උගුල්, රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ නව යටත් විජිත පාලනය පිළිබඳ බිය මතු කරයි.
මාලදිවයින සංචාරයක කර්මාන්තයෙන් උඩින්ම සිටින අතර ඔවුන් ආර්ථිකමය වශයෙන් ද නැඟී සිටින ජාතියකි. මේ අතර ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වයන් පිළිබඳ සැලකීමේ දී, IMF වැනි විදේශ ආයෝජන ප්‍රවාහයන් මත දැඩි ලෙස රඳා පැවතුණු අතර ආර්ථික ප්‍රකෘතිමත් වීමත් සමඟ කොළඹ වරාය නගරය මේ පුංචි රටේ නමගිය සන්ධිස්ථානයක් ලෙස ස්ථානගත විය.
ජාතීන් දෙකම ඉන්දියානු සාගරයේ වැදගත් සමුද්‍ර මාර්ග ඔස්සේ උපායමාර්ගිකව පිහිටා ඇත.
මෙම නිවේදනයෙන් පසු, කොළඹට කඩිනම් සහ ක්‍රමානුකූල වැඩපිළිවෙළක් කිරීමට අවශ්‍ය වනු ඇත. යටිතල පහසුකම් සැපයීම වේගවත් කිරීම, ආයෝජක ආරක්ෂාව වැඩිදියුණු කිරීම සහ වඩාත්ම වැදගත් දෙය ලෙස දේශීය හා ජාත්‍යන්තර වශයෙන් විශ්වාසය ගොඩනැගීම මනාව සිදු කිරීම අනිවාර්යය වේ. එසේ නොමැති නම්, වරාය නගරයේ සිහින මාවත් සිහිනයක්ම වනු ඇත.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here