පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා සියලුම රථවාහන සඳහා ගමනාගමනය අද (27) දින සිට නැවතදැනුම් දෙන තුරු සම්පූර්ණයෙන් වසා තැබීමට කටයුතු කර ඇත.
නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පැවසුවේ පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ එම මාර්ගය මනම්පිටිය ගල්ලෑල්ල ප්‍රදේශය ජලයෙන් යටවීම හේතුවෙන් ගමනා ගමනය තාවකාලිකව නවතා දැමීමට කටයුතු කළ බවය.
අවශ්‍ය පරිදි මහජනතාවට දුම්රියෙන් ගමන් කළ හැකි බව පොලීසිය වැඩිදුරටත් දැනුම් දී තිබේ.
එමෙන්ම පවත්නා අධික වර්ෂාව හේතුවෙන් උතුරු මැද පළාතේ ද මාර්ග කිහිපයක් ජලයෙන් යට වී ඇති බැවින් වාහන ගමනාගමන සීමා කර ඇත.
එබැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
ගමනා ගමනයට බාධා එල්ලව ඇති මාර්ග පහතින් දැක්වේ.
# පොළොන්නරුව – සෝමාවතී මාර්ගය සුන්ගාවිල ප්‍රදේශයෙන්
# ඔයාමඩුව – සෙට්ටිකුලම මාර්ගය සම්පූර්ණයෙන්
# අනුරාධපුර – වාරියපොළ මාර්ගය දැදුරුඔය පාළම අසළින් වසා ඇත.
Saru FM Media









