පොහොට්ටු මන්ත්‍රි කසිප්පු සමග අත්අඩංගුවට

0
2


ගොඩකවෙල ප්‍රාද්ශීය සභාවට පොහොට්ටු පක්ෂයෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයකු හා ඔහුගේ සහෝදරයකු බව කියන පුද්ගලයකු ගෝඩා මිලි ලීටර් පන් ලක්ෂ විසි දහසක් (520,000ML) කසිප්පු මිලි ලීටර් තිස් තුන් දහස් හත්සියයක් (3700ML) පෙරීමේ උපකරණ තොගයක් සමග අත්අඩංගුවට ගත් බව රක්වාන පොලිසිය කියයි.
එම සැකකරුවන් ගොඩකවෙල මස්ඉඹුල පංසල්දෙනිය හා රක්වාන දික්යාය යන යන ප්‍රදේශවල පදිංචි කරුවන් බවත් එම සැකකරුවන් අවුරුදු 38 හා 46 යන වයස්වල පසුවන්නන් බවත් වාර්තා වේ.
එම සැකකරුවන් සමග පොලිස් බාරයට ගත් පෙරීමේ උපකරණ අතර විශාල ප්‍රමාණයේ ගෑස් ලිප් දෙකක්. ගෝඩා පිරවූ ප්ලාස්ටික් හා යකඩ බැරැල් පහක්, තඹ දඟර දෙකක් ඇති අතර රක්වාන පොලිසියට පෞද්ගලික ඔත්තුකරුවකු ලබාදුන් තොරතුරකට අනුව මෙහෙයුම සිදු කළ බව පොලිසිය සදහන් කරයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here