එප්පාවල ලංකා පොස්පේට් සමාගමට අයත් රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් 30,000ක් අපනයනය කිරීමෙන් රජයට රුපියල් මිලියන 2,700ක් පමණ පාඩු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධි වත්කම් කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගත් අදාළ ගනුදෙනුවට අදාළව එහි උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ නවීන් ධනේෂ් නැමැත්තාගේ නිවසේ තිබී නීතිවිරෝධී ගිනිඅවි කිහිපයක් සහ උන්ඩ තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.
අධිකරණ නියෝග අනුව, ඔහුගේ නිවසේ කළ පරීක්ෂාවකදී එහි තිබි වෙස්ලි ලන්ඩන් සෙවන්ටි සික්ස් ඒ, ඕ හන්ඩ්‍රන්ඩ් ඇන්ඩ් ටු වර්ගයේ බලපත්‍ර නොමැති කුඩා පිස්තෝලයක්, 9mm වර්ගයේ බලපත්‍ර සහිත පිස්තෝලයක්, එම උණ්ඩ 20ක් සහ එස්.එල්.ජි සිරෝ වන් ටු ත්‍රී රිපිටර් වර්ගයේ ගිනි අවියක් පොලිසිය භාරයට ගෙන ඇත.
ඉකුත් රජය සමයේ ලංකා පොස්පේට් සමාගම විසින් නීති විරෝධි ලෙස රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් 30,000ක් අපනයනය සඳහා සමාගම් 03ක් වෙත අලෙවි කිරීමෙන් රජයට රුපියල් මිලියන 2,700කට ආසන්න මුදලක් අහිමි කර ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන ක්‍රියාත්මකය.
Saru FM Media