පොලොස් වලින් රසවත් කෑම වර්ග තුනක්

0
9


පොලොස් කියන්නේ අපි කවුරුත් කන්න කැමතිම කෑමක්. අද අපි ඔබට කියන්න සූදානම් වෙන්නේ පොලොස් වලින් හදන්න පුලුවන් විවිධ කෑම වර්ග තුනක් ගැනයි

පොළොස් මෝජු

අවශ්‍ය ද්‍රව්‍ය 

  • සාමාන්‍ය ප්‍රමාණයේ පොළොස් ගෙඩියක්
  • ලියා ගත් ළුණු ගෙඩි 5 
  • අමුමිරිස් කරල් 10
  • හාල් මැස්සන් 100g 
  • සෝයා සෝස්
  • තක්කාලි සෝස්
  • අබ
  • කෑලි මිරිස්
  • ගම්මිරිස්
  • මිරිස් කුඩු
  • ගොරකා
  • පොල්තෙල්
  • සීනී
  • කහ
  • කුරුඳු /කරදමුංගු
  • තලාගත් ඉගුරු සුදුළුණු
  • රස අනුව ලුණු

හදන්නේ මෙහෙමයි

මුලින්ම ඉඟුරු , සුදු ළූණු , කුරුඳු පොතු , කරදමුංගු සහ අබ හොඳින් අඹරා ගෙන මෘදු මිශ්‍රණයක් සකස් කරගන්න

පොලොස් සෝදා සිහින් තීරු වලට කපා ගෙන 

එයට කහ, ලුණු , මිරිස් කුඩු හා ගොරකා කැබැල්ලක් එකතු කර මිශ්‍ර කර වතුර දමා, වතුර හිඳෙන තුරු තම්බා ගන්න.

ඉන්පසු වතුර පෙරා පොළොස් කැබලි මදක් බැදගන්න.

ලියා ගත් ලුණු පෙති, අමුමිරිස් සහ හාල්මැස්සන් බැදගන්න.

මැටි ඇතිලියක් ගෙන එයට බැද ගත් පොලොස් කැබලි එකතු කර සෝස් වර්ග 2 හා කලින් සකස් කරගත් ඉඟුරු සුදුළූණු පේස්ට් එකතු කර මිශ්‍රකරන්න.

මිශ්‍රණය මදක් බැදුනු විට එයට බැද ගත් හාල්මැස්සන් , ලූනු හා අමුමිරිස් එකතු කරන්න.

සිනී ද එකතු කරන්න.

අවසානයේදි රස අනුව ලුණු එකතු කරන්න.

පොලොස් අච්චාරු

අවශ්‍ය ද්‍රව්‍ය

  • සාමාන්‍ය ප්‍රමාණයේ පොලොස් ගෙඩියක්
  • කහ
  • පොතු ඉවත් කල රතු ළූණු ගෙඩි 20
  • දෙකට පැලු අමු මිරිස් කරල් 12
  • තලාගත් සුදුළුණු ගෙඩි 2
  • විනාකිරි
  • අබ
  • ගම්මිරිස් කුඩු
  • මිරිස් කුඩු
  • කුරුඳු පොතු
  • සිනී
  • ලුණු

හදන්නේ මෙහෙමයි 

මුලින්ම පොලොස් ගෙඩිය හොඳින් පිරිසිදු කර කුඩා තීරු වලට කපාගන්න.

ඉන්පසුව සුදු ළූණු , කුරුඳු පොතු හා අබ එකතු කර එයටම සිනී හා ලුනු මිශ්‍ර කර අඹරා පේස්ට් එකක් සකස් කර ගන්න. එයට විනාකිරිත් එකතු කරන්න.

පොළොස් කැබලි වලට විනාකිරි , ගම්මිරිස් කුඩු , කහ , රස අනුව ලුනු යොදා තම්බා ගන්න .

ඉන්පසුව පොලොස් පෙරා ගන්න. පෙරා ගත් පොළොස් වලට ළූණු සහ අමුමිරිස් , මිරිස් කුඩු හා කලින් සකස් කල විනාකිරි මිශ්‍රණය දමා මිශ්‍ර කරන්න.

වඩා රසවත් වීම සඳහා මැටි බඳුනක ගබඩා කර තබන්න

පොලොස් මැල්ලුම

අවශ්‍ය ද්‍රව්‍ය

  • සාමාන්‍ය ප්‍රමාණයේ ගැට පොලොස් ගෙඩිය 1
  • ගොරකා
  • කුරුදු 
  • රස අනුව ලුණු
  • ගා ගත් පොල් බෑයක්
  • ලියා ගත් අමු මිරිස් කරල් කීපයක්
  • සුදුලූනු බික් කීපයක්
  • රතුලූනු
  • අබ

හදන්නේ මෙහෙමයි 

ගැටපොලොස් ගෙඩිය ඉතා සිහින් ආකාරයට ලියාගන්

එයට ලුනු, ගොරකා එකතු කර හොඳින් තම්බා ගන්න.

ඉන්පසුව පහේ වර්ග සියල්ල හොදින් කොටා ගෙන සම්බෝලයක් සකස් කරගන්න.

දැන් තැම්බුන පොලොස් වලට පොල් මිශ්‍රණය එකතු කර මද ගින්නේ මදක් තම්බා ගන්න



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here