‘පොලිසියට හයේෂිකා පමණක් නොව, පොලිස්පති ද සොයා ගැනීමට නොහැකි වූවා නොවේද?” – උසාවිය පොලිසියෙන් අසයි

0
2


‘පොලිසියට හයේෂිකා පමණක් නොව පොලිස්පතිවරයාව ද සොයා ගැනීමට නොහැකි වූවා නොවේද’‘ යැයි මීගමුව අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න මහත්මිය කටාන පොලිස් නිලධාරීන්ගෙන් විවෘත අධිකරණයේ දී විමසා තිබෙනවා.

දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ; අද (14) ‘ටීවර් අම්මා’ හෙවත් ⁣හයේෂිකා ප්‍රනාන්දු අධිකරණයට භාරවීමෙන් අනතුරුව නඩුවේ කරුණු සලකා බැලීම් අතරතුරේදී මේ බව විමසූ බවයි.

පොලිස් විමර්ශන සඳහා ඇයව අවශ්‍ය කර තිබූ පසුබිමක ඇය පොලිසිය මඟහැර සැඟව සිටින බැවින් පසුගිය දා පොලිස් කණ්ඩායම් තුනක් ඇයව සෙවීමට යොදවා තිබුණා.

එවැනි පසුබිමකදී ඇය අද මීගමුව අධිකරණයේ අධිකරණ ශාලා ⁣අංක 02 වෙත පැමිණ අසුන්ගෙන සිට නඩුව ආරම්භ වී විනාඩි විස්සකට පමණ පසුව නීතිඥවරුන් මගින් අතිරේක මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ පෙනී සිටියා.

එහිදී පොලිසිය සඳහන් කළේ ඇයව සෙවීමට පොලිසිය යොදවා තිබුණ ද, මේ වන තුරු සොයා ගැනීමට නොහැකි වූ බව යි.

එහිදී මහෙස්ත්‍රාත්වරිය විමසා සිටියේ, ඇය පමණක් නොව පොලිසියට පොලිස්පතිවරයා ද සොයා ගැනීමට නොහැකි වුවා නොවේ ද කියාය.

මහෙස්ත්‍රාත්වරියගේ එකී වදන් හමුවේ පොලිසිය නිරුත්තර වූ බව ද අධිකරණ වාර්තාකාරිණිය ප්‍රකාශ කළා.

ඇප නියම වීමෙන් අනතුරුව ඇප කොන්දේසි සපුරන තෙක් හයේෂිකා ප්‍රනාන්දු අධිකරණ ශාලාවේ රිමාන්ඩ් කූඩුව අසල බංකුවේ අසුන්ගන්වා තිබු අතර ඇප ⁣බැඳුම්කරයට අත්සන් කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් රෙජිස්ට්‍රාර් කාමරය වෙත ඇයව රැගෙන ආවා.

ඇය වෙනුවෙන් සහාය දීමට හාමුදුරු නමක් ඇතුළු විශාල පිරිසක් අධිකරණයට පැමිණ තිබූ අතර මාධ්‍යවේදීන්ගෙන් වසන් වී ඇය අධිකරණ භුමිය තුළට පැමිණි රථයකින් පිටව ගිය බව ද අධිකරණ වාර්තාකරු පැවසුවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here