සුළු, මධ්‍ය හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් සිදුකරන ලද විශේෂ මෙහෙයුම් මගින් පසුගිය 05 වැනිදා සිට 11 වැනිදා දක්වා සැකකරුවන් 3,017ක් අත්අඩංගුවට ගත් බව පොලීස පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පැවසුවේ වැටලීම් 3,018ක් මගින් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත් බවය.
එහිදී වැඩිම වැටලීම් ප්‍රමාණයක් සිදුකර ඇත්තේ හෙරොයින් සම්බන්ධ වැටලීම් වන අතර එම වැටලීම් ගණන 1,014ක් වන අතර එහිදී අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ගණනද 1,014කි.
එමෙන්ම අයිස් සම්බන්ධ වැටලීම් 1,031ක් සිදුකර ඇති අතර එහිදී අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 1,030කි.
මෙම වැටලීම්වලදී හොරයින් කිලෝ 1යි ග්‍රෑම් 618කට වැඩි ප්‍රමාණයක්ද අයිස් කිලෝ 2යි ග්‍රෑම් 156කට වැඩි ප්‍රමාණයක් පොලිස් භාරයට ගැනීමටද පොලීසිය කටයුතු කර තිබේ.
තවද මෙම විශේෂ වැටලීම්වලදී මත්පෙති 8,260ක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර ඒ සම්බන්ධ සැකකරුවන් 48 දෙනෙකුට පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය විසින් සිදුකළ එම වැටලීමේ සාරාශය පහතින්,
පොලීසියේ හදිසි වැටලීමකින් මත්ද්‍රව්‍ය සම්බන්ධ සැකකරුවන් රැසක් අත්අඩංගුවට by poornima
Saru FM Media