Mr Universe කායවර්ධන තරගාවලිය
තායිලන්තයේ පට්ටියාලහිදී පසුගියදා පැවැති 2025 Mr Universe කායවර්ධන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොලිස් කායවර්ධන කණ්ඩායම නියෝජනය කළ විශේෂ කාර්ය බළකායේ පොලිස් සැරයන් (12190) කේ. ඩී. මායාදුන්න ක්‍රීඩකයා වයස අවුරුදු 40 – 49 අතර තරග කාණ්ඩයේ ප්‍රථම ස්ථානයද, Master Overall තරගයේ ප්‍රථම ස්ථානයද, විවෘත 70Kg – 80Kg අතර තරග කාණ්ඩයේ ප්‍රථම ස්ථානය ද, Bodybuilding Overall තරගයේ තෙවැනි ස්ථානය ද ලබා ගත්තේය. මෙහි විශේෂම කරුණ වනුයේ එම තරගාවලියේ දක්ෂතම ක්‍රිඩකයා හට පිරිනමන pro card එක තමා සතු කරගැනීමට මායාදුන්න ක්‍රීඩකයා සමත් විය. එය කායවර්ධන ඉතිහාසයේ ඉතා විශේෂ සිදුවීමක් ලෙස සැලකිය හැකිය. මෙතෙක් ඉතිහාසයේ කිසිම කායවර්ධන ක්‍රිඩකයකු ලබා නොගත් ජයග්‍රහණයක් මව්බිමට දිනා දීමට ඔහු සමත්විය. ඒ වගේම, පොලිස් කායවර්ධන කණ්ඩායමේ පොලිස් කොස්තාපල් (89528) ජී.ඩී. වනිගසේකර ක්‍රීඩකයා ද මෙම තරගාවලිය සඳහා සහභාගි වී වයස අවුරුදු 40ට වැඩි Physique උස 173cm අඩු තරග කාණ්ඩයේ ප්‍රථම ස්ථානය ද, Fit Model තරග කාණ්ඩයේ දෙවැනි ස්ථානයද, විවෘත Physique උස 173cm අඩු තරග කාණ්ඩයේ තෙවැනි ස්ථානයද සමගින් මෙම ක්‍රීඩකයන් දෙදෙනා සමස්ත තරගාවලියේ පදක්කම් හතක් මොවුන් සතුකර ගනිමින් ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන දීමට සමත් විය.
Saru FM Media