Saturday, May 10, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් පොලිස් සැරයන් අනතුරට පත් කළ පොලිස් කොස්තාපල් ස්වසන පරීක්ෂාවේදී බීපු බව හසුවේ

පොලිස් සැරයන් අනතුරට පත් කළ පොලිස් කොස්තාපල් ස්වසන පරීක්ෂාවේදී බීපු බව හසුවේ

0
5


police-sergeants-were-found-drunk-during-the-autopsy

වේල්ලවීදිය පොලිසිය විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව, බීමතින් ත්‍රිරෝද රථයක් පදවමින් සිටියදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පොලිස් සැරයන්වරයකු අනතුරට ලක් කර පලා ගොස් සැඟවී සිටි කොස්තාපල් රියැදුරකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම අනතුරෙන් වැල්ලව පොලිසියට අනුයුක්ත සැරයන්වරයකු තුවාල ලබා ඇති අතර, දැනට කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

අත්අඩංගුවට ගැනුණු කොස්තාපල් රියැදුරු ස්වසන පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව ඔහු බීමතින් සිටි බව තහවුරු වී ඇතැයි පොලිසිය වාර්තා කරයි. අනතුර සිදුවීමෙන් පසු සැකකරු පදවා ආ ත්‍රිරෝද රථය මාර්ගයේ පෙරළී ඇත. එහිදී ප්‍රදේශවාසීන් එක්ව එම ත්‍රිරෝද රථය නැවත කෙළින් කළ පසු, කොස්තාපල් රියැදුරු එම වාහනයට නැඟ පලා ගොස් ඇති බව පොලිසිය තවදුරටත් පැවසීය.
අනතුරුව වැල්ලව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරුගේ වැල්ලව ප්‍රදේශයේ පිහිටි නිවසට ගොස් ඔහු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් කොස්තාපල් රියැදුරු කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටින අතර, වැල්ලව පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටී.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here