පොලිස් වෛද්‍ය කොට්ඨාසයට මාරුවක් සමග ගල්කිස්ස HQIට එරෙහිව පොලිසියෙන් විමර්ශනයක්

0
1

ගලිකිස්ස අධිකරණයේදී පොලිස් නිලධාරියකු සහ නීතිඥවරයකු අතර ඇති වූ සිදුවීමේදී අපක්‍ෂපාතීව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියෝග මත ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.අයි.එම්. තුෂාර මහතාට එරෙහිව පොලිස් විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

මේ අතර වහාම ක්‍රියාත්මක වන පරිදි ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පොලිස් වෛද්‍ය සේවා කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා මාරුකර යවා තිබේ.

පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග පවසන්නේ ගල්කිස්ස අධිකරණ භූමියේ ඇති වූ මෙම සිද්ධිය සමථ මණ්ඩලයට යොමු කරන ආකාරයේ සිදුවීමක් වුවද ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා බී වාර්තාවක් මගින් කොස්තාපල්වරයා අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ ඔහු රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස මහෙස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලීමක් කරමින් බවයි.

සිද්ධිය හරිහැටි විමර්ශන නොකර පොලිස් නිලධාරියා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණයෙන් ඉල්ලීම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කළ වරදක් බවද පොලිස් මූලස්ථානය කියයි.

මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියෝග මත පොලිස් විශේෂ විමර්ශන ඒකකය පුළුල් පරීක්ෂණයක් මේ වනවිටත් ආරම්භ කර ඇත.
හේමන්ත රන්දුණු

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here