පොලිස් විශේෂ මෙහෙයුම යටතේ තවත් 7ක් අත්අඩංගුවට

0
2

පොලීසිය විසින් දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම යටතේ ඊයේ (28) දිනයේ දී විවිධ අපරාධ සිද්ධීන්වලට සෘජුව සම්බන්ධ තවත් පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම මෙහෙයුමේදී මේ දක්වා පුද්ගලයින් 28,778දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය  සදහන් කළේය.

එහිදී විවිධ සිද්ධීන්වලට සැකපිට පුද්ගලයින් 664ක්, වරෙන්තුකරුවන් 254ක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.

මේ අතර මෙම මෙහෙයුම යටතේම බීමත් හා අපරික්ෂාකාරී රිය ධාවනය සම්බන්ධයෙන් ද පුද්ගලයින් 56දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here