පොලිස් විශේෂ මෙහෙයුමෙන් පුද්ගලයින් 28,372ක් පරීක්ෂාවට

0
11

අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා පොලිස්පතිවරයාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක වන විශේෂ මෙහෙයුම් මාලාවේ තවත් අදියරක් ඊයේ (20) දිනයේදී ද දිවයින පුරා කොට්ඨාස මට්ටමින් සියලුම පොලිස් ස්ථාන ආවරණය වන පරිදි සිදු කර තිබේ.

එහිදී පුද්ගලයින් 28,372 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති අතර එමගින් සැකපිට පුද්ගලයින් 714ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

තවද මෙම මෙහෙයුමේදී වරෙන්තුකරුවන් 253 දෙනෙකුද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් ගණන 19ක් වූ බවද පොලීසිය සඳහන් කළේය.

එමෙන්ම අපරික්ෂාකාරි ලෙස රිය පැදවීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 23 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර රථවාහන වැරදි සම්බන්දව පුද්ගලයින් 4,495 දෙනෙකුටද නීතිය ක්‍රියාත්මක කිරීමටද පොලීසිය මෙහිදී පියවර ගෙන තිබේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here