පොලිස් පරික්‍ෂකවරුන් දෙදෙනෙකු ස්ථාන මාරු

0
17


මැතිවරණ කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව ප්‍රධාන පොලිස් පරික්‍ෂකවරුන් දෙදෙනෙකු ස්ථාන මාරු කර තිබෙනවා.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම්වරයාගේ අනුමැතියටද යටත්ව එම ස්ථාන මාරුවීම් සිදු කර ඇත්තේ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින්.      

ඒ අනුව බිංගිරිය පොලිස් ස්ථානාධිපති තනතුරේ රාජකාරී කරන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඩී බී එම් එච් සෝමසිරි මහතා කුරුණෑගල කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරී සඳහා ස්ථාන මාරු කර තිබෙනවා. 

ඒ අනුව බිංගිරිය පොලිස් ස්ථානාධිපති තනතුරේ රාජකාරී සඳහා කුලියාපිටිය කොට්ඨාසයේ රාජකාරී කරන ප්‍රධාන පොලිස් පරික්‍ෂක එම් අයි එම් ඒ වික්‍රමරත්න මහතා ස්ථාන මාරු කර ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.  
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here