පොලිස් දෛනික සෝදිසි මෙහෙයුම් යටතේ පුද්ගලයින් 29,659ක් පරීක්ෂාවට

0
8

පොලීසිය විසින් දෛනිකව සිදුකරන සෝදිසි මෙහෙයුම් අනුව ඊයේ (24) දිනයේදී පුද්ගලයින් 29,659ක් පරීක්ෂාවට ලක් කළ බව පොලීසිය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පොලීසිය පැවසුවේ එම සෝදිසි මෙහෙයුම් මගින් පුද්ගලයින් 571 දෙනෙකු සැක පිට අත්අඩංගුවට ගත් බවය.

එමෙන්ම අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් 11 සිටින බවත් පොලීසිය සඳහන් කළේය.

තවද වරෙන්තුකරුවන් 256ක්ද විවෘත වරෙන්තුකරුවන් 169ක්ද පොලීසිය විසින් මෙම සෝදිසි මෙහෙයුම් මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සොදිසි මෙහෙයුම් මගින් බීමත් රියදුරන් 443 දෙනෙකුද පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර අපරික්ෂාකාරීව රිය පැදවීම් යටතේ රියදුරන් 79ක්ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 4,524 දෙනෙකුට එරෙහිව නිතිමය ක්‍රියාමාර්ග ගැනීමටද පොලීසිය මෙහිදී කටයුතු කර තිබේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here