පොලිස් දඩ කොළේ ඔන්ලයින් ගෙවන්න වැඩපිළිවෙලක්

0
17


රථ වාහන වැරදි සම්බන්ධයෙන් පොලීසිය රියදුරන්ට නිකුත් කරන දඩ කොළ ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ ගෙවීම සඳහා නියමු ව්‍යාපෘතියක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා පොලීසිය පියවර ගෙන තිබෙනවා

රජය විසින් හඳුන්වාදී තිබෙන GovPay ඇප් එක හරහා මෙම ගෙවීම් සිදුකළ හැකි බවයි සඳහන් වන්නේ .

කුරුණෑගල සිට අනුරාධපුර දක්වා මාර්ගයේ ස්ථාන 11කදී මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා තිබෙනවා .

ඒ අනුව මේ මස 30 වනදා දක්වා එය ක්‍රියාත්මක බව මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා සඳහන් කරනවා .

රජයේ සියලුම ගෙවීම් ඩිජිටල් ක්‍රමය ඔස්සේ සිදුකිරීමට ජනතාවට හැකිවන පරිදි GovPay පහසුකම හඳුන්වාදීම පසුගිය පෙබරවාරි 7 වනදා සිදුකර තිබෙනවා



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here