පොලිස්පති පාර්ලිමේන්තුවට කැඳවන්නැයි විපක්ෂය ඉල්ලයි

0
2

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පාර්ලිමේන්තුවට කැඳවන ලෙස විපක්ෂය කථානායක ජගත් වික්‍රමරත්නගෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.

අද දෙරණ සිදු කළ විමසීමකදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේ, මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධ ගැටළු විසඳීම සඳහා පොලිස්පතිවරයා සමග රැස්වීමක් සංවිධාන කරන ලෙස විපක්ෂය කථානායකවරයාගෙන් ඉල්ලා සිටි බවය.

පසුගිය සඳුදා දිනයේ අදාළ ඉල්ලීම සිදු කළ බවද ඔහු පැවසීය.

කෙසේවෙතත් මේ දිනවල කථානායකවරයා විදෙස් සංචාරයක නිරතව සිටින අතර අදාළ ලිපිය කථානායක කාර්යාලය මගින් මහජන ආරක්ෂක අමාත්‍යංශය වෙත යොමුකර ඇති බවද ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

ඒ අනුව මහජන ආරක්ෂක අමාත්‍යංශය විසින් දිනයක් ලබාදෙනු ඇති බවට විශ්වාසය පළකරන බව මන්ත්‍රීවරයා පැවසීය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here