Wednesday, May 14, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් පොලිස්පති දේශබන්දුට එරෙහි චෝදනා විමසන්න කතානායකගෙන් ත්‍රිපුද්ගල කමිටුවක්

පොලිස්පති දේශබන්දුට එරෙහි චෝදනා විමසන්න කතානායකගෙන් ත්‍රිපුද්ගල කමිටුවක්

0
17


Speaker appoints three-member committee to investigate allegations against IGP Deshabandu

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති චෝදනා පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (23) පත් කරනු ලැබ ඇත.

මෙම කමිටුවේ සභාපති ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා පත් කර ඇති අතර,
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති සහ අභියාචනාධිකරණයේ හිටපු විනිසුරු නීල් ඉද්දවල මහතා සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ලලිත් ඒකනායක මහතා එහි අනෙකුත් සාමාජිකයින් ලෙස පත් කරනු ලැබ සිටිති.
පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මෙම කමිටුව ඉතා කඩිනමින් සිය කටයුතු ආරම්භ කරනු ඇත. කමිටුවේ සාමාජිකයෙකු ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති නීල් ඉද්දවල මහතා පත් කර ඇත්තේ අගමැතිවරිය සහ විපක්ෂ නායකවරයාගේ පූර්ණ එකඟත්වය මතය.

ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරන පරිදි, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ද ඉදිරියේදී මෙම කමිටුව හමුවට කැඳවනු ඇත. පොලිස්පතිවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති චෝදනා පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට අදාළ යෝජනාව පසුගිය 8 වැනිදා පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.
මෙම ත්‍රිපුද්ගල කමිටුව සිය විමර්ශන කටයුතු අවසන් කිරීමෙන් පසු අවසන් වාර්තාව කතානායකවරයාට බාර දිය යුතුව ඇත. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයෙන් නෙරපීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන්නේ එම වාර්තාව ලැබීමෙන් අනතුරුවය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here