පොලිතීන් ඇසුරුමක ඔතාගෙන ආ කොකේන් සමග කාන්තාවක් අත්අඩංගුවට

0
11


රුපියල් හය කෝටි පනස් හත් ලක්ෂ හැට දහසක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දීය ජාතික කාන්තාවක් අද (06) අලුයම කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය ඉන්දියාවේ මිසෝරාම් ප්‍රදේශයේ පදිංච් 29 හැවිරිදි සූපවේදිනියක්.

මීට පෙර තුන් වරක් මෙරටට පැමිණ ඇති බව ගමන් බලපත්‍ර ඇසුරෙන් සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය වනවා.

ඇය අද (06) දින අලුයම 02.14 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ.- 1171 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

බුද්ධි තොරතුරු මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ අතර , ඇය විසින් රැගෙන ආ ගමන් බෑගයේ ව්‍යාජ පතුළක , පොලිතින් ඇසුරුම් තුළ ඔතා , මෙම කොකේන් මත්ද්‍රව්‍ය 1kg යි 644g ක් සඟවා ගෙන සිටියදී අදාළ නිලධාරීන් සිය භාරයට ගත් බවයි නිලධාරීන් සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් මෙම කාන්තාව සිදු කළ අනාවරණයක් මත මෙම මත්ද්‍රව්‍ය තොගය භාර ගැනීම සදහා සූදානම්න් සිටි මෙරට අයිතිකරු , ඇයට නවාතැන් ගැනීම සදහා සූදානම් කර තිබූ කොළඹ , කොල්ලුපිටිය ප්‍රදේශයේ හෝටලයක් අසළ රැදී සිටියදී (06) පස්වරු 01.30 ට පමණ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු මාළඹේ ප්‍රදේශයේ පදිංච් 50 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.

මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද (06) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර , මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට නියමිතයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here