පොල් වතුරවලින් ලැබෙන විස්මිත ප්‍රයෝජන

0
15


පොල් වතුර කියන්නේ ඔබේ නිවසේ දිනපතාම වගේ ඉවත දාන දෙයක්.නමුත් මේ ඉවත දාන දෙයින් ඔබේ රූපලාවණ්‍යයට වගේම සෞඛ්‍යයටත් ගොඩක් වාසි තියෙනවා කියලා ඔබ දැනගෙන හිටියෙ නෑ නේද? එහෙනම් ඔබටයි මේ ලිපිය.

මෙහ විටමින් බී , ඊ, සී , යකඩ ,කැල්සියම්, පොටෑසියම් ,මැග්නීසියම් , අයඩින් , සල්ෆර් ඇමයිනෝ අම්ල ,ශාක හෝමෝන වැනි පෝශක සහ ප්‍රති ඔක්සිකාරක ගුණ අඩංගු වෙනවා. ලොව වටිනාම ස්වාභාවික පානය ලෙස හඳුන්වන පොල් වතුර දෙවැනි ලෝක යුද්ධ සමයේදි සේලයින් ලෙස යොදා ගැනීමෙන් 50 000ක පමණ පිරිසක් සුවපත් කරගත් බවට අන්තර්ජාලයෙ සඳහන් වෙනවා.

සමේ රෝග අතර සෘජු සම්බන්ධයක් නැති උනත් මෙමගින් විජලනය වළක්වා ගත හැකි නිසා එමගින් සමේ ඇතිවිය හැකි රෝග සහ ආසාදන තත්වයන් වළක්වනවා.එමෙන්ම සමෙහි ඇති විෂ ද්‍රව්‍යද ඉවත් කරනවා

පානය කිරීම මගින් සමෙහි ඇති විෂබීජ ඉවත් කර සමෙහි තෙල් ගතිය පාලනය කරන නිසා එමගින් සම මතුපිට කුරුලෑ ඇතිවීම වළක්වනවා

මුල්තානි මිට්ටි හෝ කඩල පිටි සමග මිශ්‍ර කර ෆේස් පැක් එකක් ලෙස ඔබට මුහුණේ ආලේප කල හැකිය.එමගින් හිරු එළියට පිළිස්සි අවපැහැ ගැන්වුනු ඔබේ සම නැවත යතා තත්වයට පත් කරමින් සම දීප්තිමත් කරගැනීමට ඔබට හැකි වෙනවා

පොල් වතුරෙන් හිස සම්බාහනය කිරීම මගින් ඔබට මෘදු සහ කීකරු කෙස් කළඹක් හිමි කරගන්නට පුලුවන් . මේවායෙහි වල ඇති ප්‍රබල හයිඩ්‍රේටින් ගුණාංග නිසා ඔබේ හිසකෙස් මුල් වල තෙතමනය ආරාක්ශා කරනවා.ඒ වගේම එය ස්වභාවික කන්ඩිශනර් එකක් ලෙසද ක්‍රියා කරනවා

පොල් වතුර පානය කිරීම මගින් රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරන අතර ඒ නිසා ඔබේ හෘද සෞඛ්‍ය වඩාත් හොඳ මට්ටමකින් පවත්වාගෙන යා හැක.

පොල් වතුර මගින් ශරීරයේ ඇති අතිරික්ත පොටෑසියම් සහ ක්ලෝරීන් ඉවත් කරන බැවින් එමගින් වකුගඩු ගල් ඇතිවිමේ අවධානම අවම කරනවා.ඒ වගේම වකුගඩු වල ක්‍රියාකාරිත්වයද වැඩි දියුණු කරනවා

පොල් වතුරේ ප්‍රතිබැක්ටීරියා ගුණ මගින් මුත්‍රාශයේ ඇතිවිය හැකි ආසාදන තත්වයන් අවම කරනවා.ඒ වගේම මුත්‍රා හොඳින් පහවීම මගින්ද මුත්‍රාශයේ ඇති විෂබීජ ඉවත් වන නිසා මුත්‍රාශයේ ඇති විය හැකි ආසාදන තත්වයන් වළක්වනවා

පොල් වතුර යනු ඉතා හොඳ කැල්සියම් ප්‍රභවයකි.එමගින් ඔබේ අස්ථි පද්ධතිය වඩාත් ශක්තිමත් කරන්නට හැකි වෙනවා

පොල් වතුර යනු හොඳ මැග්නීසියම් ප්‍රභවයක් වන අතර එමඟින් ඉන්සියුලින් සංවේදිතාවය වැඩි කරනවා.එමගින් දෙවන වර්ගයේ දියවැඩියාව සහ පූර්ව දියවැඩියාව ඇති පුද්ගලයින්ගේ රුධිරයේ සීනි මට්ටම අඩු කරනවා

ප්‍රති-ත්‍රොම්බොටික් ක්‍රියාකාරිත්වය සපිරි පොල් වතුර මගින් ඔබේ ධමනි තුල රුධිරය කැටි ගැසීමේ අවධානම අඩු කරන අතර රුධිර පීඩනයත් පාලනය කරන බව පර්‍යේශකයන් විසින් සොයාගෙන තියනවා

ඉතින් මේ වගේ ප්‍රයෝජන රැසක් තිබෙන පොල් වතුර නිකරුනේ ඉවත දාන්නෙ නැතුව ඔබේ ප්‍රයෝජනයට ගන්න ඔබට පුලුවන්.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here