පොල් වගාකරුවන්ට සහන මිලට පොහොර ලබාදීමේ වැඩසටහනක්

0
17


පොල් වගා කිරීමේ මණ්ඩලයේ සහනාධාර ව්‍යාපෘතිය යටතේ පොල්වගාකරුවන්ට සහන මිලට පොහොර ලබාදීමේ වැඩසටහනක් පැවැත්වුණා.

කප්රුකට සවියක්, වැඩි ඵලදාවක් යන තේමාව යටතේ වෙල්පල්ල ගොවිජන සේවා මධ්‍යස්ථානයේදී එය සංවිධාන කර තිබුණා.

ලෝක ආහාර වැඩසටහන යටතේ රුසියාව ,යුරල්කලී ආයතනය හා ශ්‍රී ලංකා රජය එක්ව එය ක්‍රියාත්මක කරනවා.

සමාරම්භක උත්සවයේදී පොල්වගාකරුවන් 35 දෙනෙකු වෙත සහන මිලට පොල් පොහොර ලබාදීම සිදු කෙරුණා.

එම වැඩපිළිවෙල සම්බන්ධයෙන් රජයට ස්තූතිය පළකරන බවයි පොල්වගාකරුවන් සඳහන් කළේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here