පොල්තෙල් කියූ පමණින් අප මතකයට නැගෙන්නේ රසවත්ව ආහාර පිළියෙළ කරගැනීමට අපට උදව්කරන තෙල් වර්ගයක්. එහෙම නේද ? ඒත් ඔබ දැනගෙන සිටියාද පොල්තෙල් ඔබව සොඳුරු රුවැත්තියක කිරීමටද සමත් බව ….
අප සමේ තෙතමනය ආරක්ෂා කර ගැනීම සඳහා විවිධ ආලේපනයන් භාවිතා කරනවා. එහෙත් පොල්තෙල් මඟින් මේ කාර්යය ඉටු කරගත හැකි බව බොහෝ දෙනෙකුන් නොදන්නා කරුණක්.
වෙළඳපොලේ ඇති මිළ අධික ඒ වගේම රසායන ද්‍රව්‍යන්ගෙන් පිරුණු ආලේපන වෙනුවට ස්වභාවික පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් පිරිපුන් පොල්තෙල් ඔබට තරුණ පෙනුමක් ගෙන දෙනවා.ඒ වගේම පිරිමදිමින් ආලේප කිරීමේදී සමටඉතා ඉක්මනින් අවශෝෂණය කරගන්නා බැවින් ඇලෙන සුළුගතියක් දැනෙන්නෙත් නැහැ.
සමෙහි ගැඹුරටම ගමන්කර කුණු දුහුවිලි ඉවත් කිරීමට පොල්තෙල් සමත් බව ඔබ දන්නවාද
අවශ්‍ය ද්‍රව්‍ය
ඉතින් ඔබත් අධික වියදමකින් තොර මේ ස්වභාවික පෝෂණයෙන් පිරිපුන් ආලේපය ගල්වා රූ සපුව ඔප්නංවා ගන්න. ජීව ගුණයෙන් පිරිපුන් වන්න.ඒ වගේම මතක තියාගන්න. නිවසේ හිඳ ගත් අතිශයින් සුපිරිසුදු පොල්තෙල් භාවිතා කිරීම වඩාත් යෝග්‍ය බව…….
– චම්මි –
Saru FM Media