මධ්‍යම කඳු කරයට නොකඩවා ඇද හැළෙන වර්ෂාවත් සමග මහවැලි ගඟේ ජල මට්ටම සීග්‍ර ලෙස ඉහළ යාම හේතුවෙන් පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 06, අඟල් 18 බැගින් අද (18) අළුයම සිට විවෘත කර ඇති බවත් එයින් ,තත්ත්පරයට ඝණ අඩි 9000 ක ජල ධාරිතාවක් මහවැලි ඟඟට මුදා හැරෙන් බව පොල්ගොල්ල ජලාශ වේල්ල භාර කාර්යභාරය ඉංජිනේරුවරයා පවසයි.
මෙලෙස ජලය මුදාහැරීම හේතුවෙන් පොල්ගොල්ල ජලාශයෙන් පහලින් මහවැළි ඟඟ ආශ්‍රිත පෙදෙස්හී හා මහවැළි ඟඟ අවට පදිංචි කරුවන් මහවැළි ඟඟේ ජලය පරිහරණය කරන අවස්ථාවන්හිද වඩාත් අවධානයෙන් හා සැළකිලිමත්ව කටයුතු කරන්නැයි වාරිමාර්ග හා මහවැලි වේල්ල භාර ඉංජිනේරුවන් ජනතාවගෙන් ඉල්ලා සිටිති.
Saru FM Media









