ගුණාත්මක මගී ප්‍රවාහන සේවාවක් ජනතාවට ලබාදීම සදහා අවශ්‍ය පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා.
මාර්ග සංවර්ධනය හා පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම සඳහා ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වනවා.
දෙහිඅත්තකන්ඩිය ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වැඩකටයුතු සොයා බැලීම සඳහා නියෝජ්‍ය අමාත්‍යවරයා නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.
එහි කාර්ය මණ්ඩලය සමග සුහද සාකච්ඡාවක නිරත වීමෙන් අනතුරුව ඔවුන්ගේ ගැටලු පිළිබඳව ද අවධානය යොමුව තිබෙනවා.
දුර ගමන් සේවා සඳහා බස් රථ කිහිපයක් යොදවා ඇති බවත් බස් රථ අලුත්වැඩියාව සඳහා කාර්මික ශිල්පින්ගේ හිඟයක් ඇති බවත් එහිදි කාර්ය මණ්ඩලය සඳහන් කළා.
ගැටලුවලට කඩිනමින් විසදුම් ලබා දෙන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ග්‍රාමීය මාර්ග පාලම් සහ මහාමාර්ග සංවර්ධනයට අයත් අනෙකුත් ව්‍යාපෘති මේ වසර තුළ ක්‍රියාත්මක කිරිම පිළිබඳ දිස්ත්‍රික්කයේ සිටින කොන්ත්‍රාත්කරුවන් සමග සාකච්ඡාවක නියෝජ්‍ය අමාත්‍යවරයා නිරත වුණා.
මෙවර අයවැයෙන් රුපියල් මිලියන 487කට අධික මුදලක් ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට වෙන්කර ඇති අතර එයින් රුපියල් මිලියන 374ක්ම මහාමාර්ග අමාත්‍යාංශයට වෙන්කර තිබෙනවා.
නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධන කටයුතුවල ප්‍රගතිය පිළිබද තවත් සාකච්ඡාවක් පැවැත්වුණා.
ඒ මාර්ග සංවර්ධන අධිකාරී කාර්යාල පරිශ්‍රයේ දීයි.
Saru FM Media