2022 වසරේ එංගලන්තයේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියට සහභාගී වීමට ගොස් මෙරටට යළි නොපැමිණ රජයට රුපියල් කෝටියකට ආසන්න පාඩු කළ බව කියන සිද්ධියට සම්බන්ධ ක්‍රීඩකයින් දස දෙනෙකුගේ විදේශ ගමන් තහනම් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය කළ ඉල්ලීමක් සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.
අදාළ සැකකාර ක්‍රීඩකයින් දස දෙනාට රතු එරෙහිව වරෙන්තු නියෝග නිකුත් කිරීමට අපේක්ෂා කරන බවත් ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය අධිකරණයට දන්වා තිබේ.
විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ ක්‍රීඩා අධ්‍යක්ෂක ජනරාල්වරයා කරන ලද පැමිණිල්ලකට අනුව සිද්ධිය සම්බන්ධව විමර්ශන කටයුතු ආරම්භ කළ බවය.
ඒ අනුව 2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලිය සඳහා සහභාගි වීමට ගිය අසේල ද සිල්වා, චමිලා දිලානි, එස් චතුරංග, වයි නික්ලස්, අශේන් රශ්මික එස් මලින්ත, ශ්‍රියන්තිකා ප්‍රනාන්දු සංජීව රාජකරුණ, ජීවන්ත විමුක්ති කුමාර යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අදාළව මෙම විමර්ශන සිදුකරන බව ද ඔවුන් අධිකරණයට දැනුම් දුන්නේය.
මේ සම්බන්ධයෙන් සැකකරුවන්ට එරෙහිව ක්‍රීඩා දූෂණ වැළැක්වීම පනතේ 2019 අංක 24 පනතේ 5 සහ 6 වගන්ති යටතේ චෝදනා ඉදිරිපත් කර ඇති බවත් විමර්ශන නිලධාරීන් සඳහන් කළේය.
මෙම ක්‍රීඩා තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 116 දෙනෙකු සහභාගී වූ අතර ඒ අතුරින් මල්ලව පොර සඳහා සහභාගි වූ ක්‍රීඩකයන් 3ක් ද, ජූඩෝ තරගයකට සහභාගි වූ ක්‍රීඩකයන් 2ක් ද, බොක්ෂින් සඳහා ගිය ක්‍රීඩකයන් 2ක් සහ වොලිබෝල් සඳහා ගිය ක්‍රීඩකයන් දෙදෙනෙක් මෙසේ නැවත ලංකාවට පැමිණ නොමැති බවත් විමර්ශන නිලධාරියා අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව විමර්ශන නිලධාරීන් ඉල්ලා සිටි නියෝග නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා එම විමර්ශනවල ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට වාර්තා කරන ලෙසත් නියෝග කළේය.
Saru FM Media