සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන ජනිත් මධුසංඛ හෙවත් ‘පොඩි ලැසී’ නැමැත්තා ලබන 17 වනදා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඒ, ඔහුව අද (05) දින බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
මේ අතර පොඩි ලැසී, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා ලද මුදලින් ඔහුගේ දියණියගේ නමින් මිලදී ගෙන ඇති බවට සැලකෙන දේපලක් සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.
ඒ, අනුව සිදුකරන ලද විමර්ශනයේදී මෙම සංවිධානාත්මක අපරාධකරු විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා ලද මුදලින් මිලදී ගෙන ඇතැයි සැලකෙන පන්නිපිටිය ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවසක් සහිත රුපියල් කෝටි 03ක් පමණ වටිනා ඉඩමක් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව අද (05) දිනයේ සිට දින 07ක කාලයක් සඳහා ක්‍රියා විරහිත කිරීමේ නියෝග නිකුත් කර ඇත.
1
Saru News















