පොඩි දේටත් Upset යනවද? මනස ශක්තිමත් කරගන්න පුංචි Tips ටිකක්

0
11


ඔබත් පුංචි පුංචි දේවල් වලින් හිත රිදවගන්න කෙනෙක්ද?

ඔන්න එහෙනම් මේ ලිපිය ඔබට ගොඩක් වැදගත් වෙයි කියල අපි විශ්වාස කරනවා. 

ශක්තිමත් මනසකින් නිතරම ධනාත්මක සිතුවිලි ඇතිකරනවා. 

මේ ධනාත්මක සිතුවිලි ඔබේ එදිනෙදා ජීවිතයේ වැඩකටයුතු පීඩාවකින් තොරව සිදුකර ගන්න වගේම ඔබේ ඉලක්ක කරා පහසුවෙන් ගමන් කරන්නත් ඔබට උදව් වෙනවා. ඒ අතරතුරදි ඇතිවෙන විවිධ අභියෝග වලට සාර්ථකව මුහුණ දෙන්නත් ඕනෑම අවස්ථාවක ඔබට සූදානමින් තබනවා. 

ශක්තිමත් මානසිකත්වයක් ඇති පුද්ගලයන්ට තමන්ට අවශ්‍ය දේවල් සහ අනවශ්‍ය දේවල් මොනවද කියල තීරණය කරන්න හොඳ හැකියාවක් තියෙනවා. 

අනවශ්‍ය පුද්ගලයින්, අනවශ්‍ය සිදුවීම්, අනවශ්‍ය අදහස් සහ අනවශ්‍ය අභියෝග මඟහැරල තමන්ට අදාළ සිදුවීම් වලට ධනාත්මක සිතුවිලි වල උදව්වෙන් මුහුණ දෙන්න වගේම ඒ හරහා තමන්ගේ ජීවිතය ගොඩනඟා ගන්නත් ඔවුන් අවස්ථාව ලබාගන්නවා. 

මෙහෙම චරිත ඔබට මුණගැහිල තියනවනේ නේද?

අන්න එහෙම චරිතයක් වෙන්න ඔබත් කැමති ඇතිනෙ. 

එහෙනම් අපි බලමු ශක්තිමත් මනසක් ඇති කරගන්නෙ කොහොමද කියල.

ශක්තිමත් මනසක් ඇති කරගැනීම කියන දැවැන්ත ක්‍රියාදාමයේ මුල්ම සරලම පියවර එහෙමත් නැත්නම් අඩිතාලම තමයි ඔබ ඔබවම විශ්වාස කිරීම.

මේ සඳහා මුලින්ම ඔබ ඔබවම හඳුනා ගන්න ඕන. ටිකක් වාඩිවෙලා ආපස්සට හිතල බලන්න ඔබට තියෙන දක්ෂතා, ඔබේ විනෝදාශ සහ ඔබ කැමති අකමැති දේවල් මොනවද කියල. ඔබ දැනට රැකියාවක් කරනව හෝ ඉගෙන ගන්නව වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් කරන්නෙ මොකක්ද කියල කිසිම අදහසක් නැතුව ඉන්නත් පුළුවන්.

ඔබේ දක්ෂතා හඳුනාගෙන ඒව වැඩි දියුණු කරගන්න, ඔබේ වෘත්තීයේ එහෙම නැත්නම් ඔබ ඉගෙන ගන්නා ක්ෂේත්‍රයට අදාළ ප්‍රවීණත්වය ලබාගන්න අවශ්‍ය දේවල් ඉගෙන ගන්න සහ සොයා බලන්න ඔන්න දැන් ඔබට අවස්ථාව තියෙනව.

ඉතිං, අපි එතනින් පටන් ගමු.

තමන්ගෙ දැනුම, පළපුරුද්ද සහ අත්දැකීම් තියෙන කෙනෙක් ඒ දේවල් ගැන කතා කරද්දී ඔහු හෝ ඇය තමන්ගෙ මුළු සිරුරෙන්ම විහිදල පෙන්වන විශ්වාසය සහ ආකර්ෂණීය බව ඔබ දැකල තියෙනවනෙ.

ඔබටත් ඔබේ ක්ෂේත්‍රයට අදාළ දැනුම තියෙනව නම් පිරිසක් ඉදිරියේ හොඳ විශ්වාසයකින් ඉන්න වගේම ඒ ගැන ඇතිවෙන විවිධ මතවාද, අදහස්, යෝජනා සහ චෝදනා වලට හොඳින් මුහුණ දෙන්නත් පුළුවන්. 

ඒ විදිහට ඔබට ඔබ ගැන ඇතිවෙන විශ්වාසය, ඔබේ හැකියාවක්, ඔබේ දක්ෂතාවයන් වගේම ඔබේ දුර්වලතා ගැන ඇති හොඳ අවබෝධය දවසක ඔබව රැගෙන යන දුර ඔබටත් විශ්වාස කළ නොහැකි වේවි. 

තමන් කොතරම් ඉහළ තැනක සිටියත් ඕනෑම කෙනෙක්ට තමන්ට අන්න්‍ය වූ අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධ වෙනව. 

තමන්ව අධෛර්‍යමත් කරන අදහස්, විවිධ අභූත චෝදනා, අපහාස කිරීම්, මුදල් අඟ හිඟකම්, රෝගාබාධ මේ මොනවත් නැත්නම් කාළගුණික හෝ දේශගුණික සාධක වුනත් සමහර වෙලාවට ඔබේ ගමනට බාධා ඇති කරන්න පුළුවන්. 

මේ දේවල් මේ විදිහටම හෝ මීට වඩා වෙනස් විදිහට හැමෝටම බලපාන බව ඔබ තේරුම් ගන්නම ඕන. 

අභියෝග හෝ අසීරුතා හමුවේ මඟහරින, පලායන එහෙමත් නැත්නම් තමන්ගෙ උත්සහය අත්හරින කෙනෙක් සාර්ථක ප්‍රතිඵලයක හිමිකරුවෙක් වෙන්නෙ නෑ. 

ඒ නිසා විශ්වාසයෙන් ඉන්න. අභියෝග වලට විසඳුම් සොයාගන්න ඔබට අනිවාර්‍යෙන් පුළුවන්. ඒ අභියෝග වලට නැවත මුහුණදෙන්න සිදුවෙද්දි කලින් අත්දැකීම් ඔබට අනිවාර්යෙන් ප්‍රයෝජනවත් වෙනවමයි. 

ශක්තිමත් මනසක් හදන මේ ගමන ටිකක් අසීරුයි කියල ඔබ දන්නවනෙ.

ඒ නිසා එක්වරම විශාල ඉලක්ක සහ අරමුණු ඉෂ්ඨ කරගන්න වෙහෙස වීම ටිකක් අසීරුයි.

ඒ නිසා ඔබේ අවසාන විශාල ඉලක්කය සිහියේ තබාගෙනම කුඩා කෙටිකාලීන අරමුණු සහ ඉලක්ක ගොඩනඟා ගන්න ඔබට පුළුවන්.

මේ ඉලක්ක ඔබට සපුරා ගැනීමට හැකි යතාර්තවාදී ඉලක්ක වීමත් හරිම වැදගත්.

ඒව එකින් එක ඉෂ්ඨ වෙද්දී ඔබට නොදැනීම ඔබ ලොකු දුරක් ඇවිත් ඇති බව ඔබට හිතේවි. ඒ වගේම ඔබේ විශාල ඉලක්කයට ලඟාවෙන්න පුළුවන් කියන විශ්වාසයත් ඔබට අනිවාර්‍යෙන් ඇතිවේවී. 

ඔබ තබන සෑම කුඩා පියවරක්ම ඉතාම වැදගත් බව ඔබ හොඳින් මතක තබා ගත යුතුයි. ඒ වගේම ඔබේ කුඩා ජයග්‍රහණයක් වුනත් ගොඩක් වටිනවා. කවුරු අගය කලත් නැතත් ඒ කුඩා ජයග්‍රහණය වුනත් ලබාගන්න වෙහෙස වුනේ ඔබනේ. 

ඒ නිසා ඔබ ඔබව අගය කරන්නත් ජයග්‍රහණ වෙනුවෙන් සතුටු වෙන්නත් අමතක කරන්න එපා. 

තනිව ගමනක් යාම වඩා යහපත් කියල බොහෝදෙනෙක් විශ්වාස කරනවනෙ.

නමුත්, මිනිසා කියන්නෙ පරිණාමයේ මුල ඉඳලම පිරිසක් විදිහට ජීවත් වෙන්න හැඩගැහුණු කොටසක්.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here