පොඩිත්තන්ට සතුට ගෙනෙන සෙල්ලම්.

0
11


පොඩිත්තන් සමඟ  විවිධ ක්‍රියාකාරකම් කිරීම  වැදගත් වෙන්නේ එය ඔවුන්ගේ වර්ධනයට සෘජුවම බලපෑම් එල්ල කරන නිසායි.ඉතින් මේ ක්‍රියාකාරකම් කිහිපය ඔබේ සිඟිත්තාට විනෝදය වගේම ඔහුගේ ඇයගේ කායික මානසික සංවර්ධනය කෙරෙහි විශාල වෙනසක් කරනු ඇති

කාමරය අඩ අඳුරු කරන්න .ඔබේ අත් වල සෙවණැළි බිත්තිය මත පැහැදිලිව දිස් විය යුතුයි . දැන් දෑතින් විවිධ හැඩයේ සතුන් නිර්මාණය කරන්න .සිඟිත්තාට ඒවා හඳුනා ගැනීමට අවස්ථාවක් දෙන්න .ඔහුට ද අත් සෙවනැලි නිර්මාණය කිරීමට දෙන්න .මේ ඉතාමත් විනෝදාත්මක ක්‍රීඩාවක් වන බවට කිසිදු සැකයක් නැහැ.

කාමරය  අඩ අඳුරු කරන්න.දරුවා අතට ටෝච් එකක් ලබාදෙන්න . ඔබ ද ටෝච් එකක් ගෙන බිත්තියට දල්වා සිටින්න.දරුවාගේ ආලෝකය බිත්තියේ රවුම් අතට ගෝලාකාර ගමන් කිරීමට දෙන්න . ඔබගේ ආලෝකය වටා.මෙයත් ඉතාමත් විනෝදජනක ක්‍රීඩාවක්.

bubbles කියන්නේ කුඩා දරුවන් හරිම ආස ක්‍රීඩාවක් .ඉතින් විවේකී දහවල් වරුවක ගෙවත්ත පුරා bubbles යවමින් ඒ පසු පස ලුහු බැඳීම විනෝද ජනක දෙයක් නෙමේ කියන්නේ කවුද ?

අපි මේ  මේ සඳහා යොදා ගන්නේ ගෙවත්ත . ගෙවත්තේ පුංචි සෙල්ලම් ගෙයක්  හදාගන්න එක එච්චර අමාරු දෙයක් නෙවෙයි නේ .කෑම බීම සියල්ලම පිළියෙල වෙන්නේ එලියේ.කාල බීල හවස පුංචි නැප්  එකක් කෑම්ප් එකේ ගන්න පුලුවන් . ගෙවත්තට එන සතුන්,ගෙවත්තෙ ගහකොළ ගැන ඉගෙනගන්න මීටත් වඩා හොද වෙන ක්‍රමයක් තියේවිද?

-චම්මි-



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here