පොඩිත්තන්ට රස කෑම -4

0
11


උත්සව සමය සමරන්න පුංචි පැංචන් ට රසම රස ආහාර එකතුවක්.

ස්කොච් එග්.

අවශ්‍ය දේවල්

බිත්තර පහක්
කටු රහිත මස් කැබලි තුනහතරක්
සුදු ලූණු බික් දෙකක්
බිත්තර එකක්
ලුනු, ගම්මිරිස් රස අනුව
පාන් පිටි මේස හැඳි හතරක්
පාන් කුඩු
බැදීමට අවශ්‍ය තෙල්

සාදන ක්‍රමය.

බිත්තර තම්බා කටු ඉවත් කරන්න. කුඩාවට කපාගත් සුදුලුනු සුදු ලුණු රස අනුව ලුණු ගම්මිරිස් එකතු කර බ්ලෙන්ඩ් කරන්න. සාදාගත් මිශ්‍රණයෙන් ස්වල්පයක් ගෙන ඉටි කොලයක් උඩින් තබා තුනීකර බිත්තරය ඒ මත තබා මස් මිශ්‍රණයෙන් වසන්න. බිත්තරයට පාන් පිටි තවරන්න .ඉන්පසු බිත්තර සාරු වල දවටන්න. පාන් කුඩු වලින් දවටා දැන් ගැඹුරු තෙලේ බදින්න. රස්නය තිබියදීම අවශ්‍ය නම් පමණක් මිරිස් කුඩු ටිකක් උඩින් ඉසින්න .

කර්ඩ් කේක්.

 

අවශ්‍ය දේවල්.

විප්ඩ් ක්‍රීම් මිලිලීටර් 500
මී කිරි මිලිලීටර් 300
දෙහි ගෙඩි දෙකක යුෂ
ජෙලටින් මේස හැදි දෙකක්
බටර් කේක් ග්‍රෑම් 250ක්
සීනි සිරප් තේ කෝප්ප භාගයක්
වතුර අඬු කෝප්ප භාගයක්

සාදන ක්‍රමය

බඳුනක් ගෙන එහි පතුලට කේක් වලින් තුනී තට්ටුවක් දමන්න. විප්ඩ් ක්‍රීම් බීටරයකින් ගසන්න.එයට මී කිරි හා දෙහි යුෂ දමා හොඳින් ගසන්න .ජෙලටින් මේස හැදි දෙකක් වතුරින් දියකර මදක් නිවෙන්නට හැර ඉහත මිශ්‍රණයට එකතු  කර නැවත ගසන්න.එයට සීනි සිරප් එකතුකර  තවත් විනාඩි තුන හතරක් බීට් කර කේක් එක මතට  මිශ්‍රණය වත් කරන්න. මෙම මිශ්‍රණය තුනී කර ,ඝන  වනතුරු ශීතකරණයේ තබන්න .ඝන වූ පසු ඉවතට ගෙන කෑමට ගන්න.

-ඉරේෂා-



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here