පොඩිත්තන්ට රස කෑම- අපූරු බතක්

0
2

එක ම ආහාර රටාව පොඩි පැටවුන්ගේ ආහාර රුචිකත්වය ට කරන්නේ ඉතාමත් ම ඒ නරක බලපෑම ක්.
ඉතින් අප නිරන්තරයෙන්ම ඔබට ගෙනෙන මේ කෑම එකතුව කෑම කන්නේ නැති පොඩ්ඩක් අල්ලගන්න රසවත් මන්තරයක් වේවි .
පාසලට, පෙරපාසල පාසලට වගේම කෑම නොකන ඕනෑම වෙලාවක අපේ අඩවියට ඇවිත් මේ කෑම වට්ටෝරුවකින් එකක් අත්හදා බලන්නට ඔබට හැකියාව තියෙනවා

රසම රස අපූරු බතක්

අවශ්‍ය දේවල්

  • සුවඳැල් බත් කෝප්පයක්
  • බටර් ටිකක්
  • ගා ගත් කැරට් මේස හැදි දෙකක්
  • බිත්තර එකක්
  • සිහින් ව ලියා ගත් ලීක්ස් ටිකක්
  • මුරුංගා කොළ ටිකක්
  • තම්බා ගත් බෝංචි ඇට ටිකක්
  • මාළු හෝ මස් ටිකක්
  • සිහින් ව ලියා ගත් සුදුළූණු තේ හැඳි බාගයක්
  • සිහින් ව ලියා ගත් ලොකු ළූණු ගෙඩියක්
  • කුඩාවට කපාගත් සේර කැබැල්ලක්
  • ගම්මිරිස් සහ ලුණු ටිකක්

සාදන ක්‍රමය

පළමුව බඳුනක් ලිප තබා එයට තෙල් හෝ බටර් ටිකක් දමන්න. එය රත්වන විට සුදුලූනු ටික දමන්න. ඊට පසු ලූණු එක්කරන්න .ඊට පස්සේ සිහින්ව කපා ගත් මස් හෝ මාළු දමා තරමක් බැදෙන්න ඉඩ හරින්න.ඒවා බැදෙන විට බිත්තර ය හැඩ එකතු කරන්න .දැන් ලුණු සහ ගම්මිරිස් එක් කරන්න.එයටම කැරට් ලීක් ලීස් දමා කලවම් කරන්න .අවසානයේදී මුරු දී මුරුන්ගා කොල දමා විනාඩියකින් බත් දමා කලවම් කරන්න .අවශ්‍ය නම් මතුපිටින් චීස් ටිකක් ඉස ගන්න .

-චම්මි-

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here