ගෙදර ඉන්න පොඩ්ඩාව නිදි කර ගැනීම දෙමව්පියන්ට ඇත්තටම ගැටළුවක්.පැය අටක් දහයක් වෙහෙස මහන්සි වෙලා ගෙදරට ඇවිත් ගෙදර වැඩපලත් ඉවර කරලා නින්දට යන්න ගියත් පුංචි පැටියා තවම නිදි නැහැ.ඉතින් අම්මලාත් පැටියා නිදා ගන්න තෙක්ම අවදි වෙලා ඉන්නවා.
අපි මේ ගැන වැඩි අවධානයක් දැක්වූයේ නැති වුනත් ඇමරිකා එක්සත් ජනපදයේ ළමා රෝග පිළිබඳ අධ්යන ආයතනයේ පර්යේෂණයකින් පෙන්වා දෙන්නේ වයස අවුරුදු දෙකේ සිට 9 අතර දරුවන් අනිවාර්යෙන්ම රාත්රි නවයට පෙරාතුව නිදි කළ යුතු බවයි.එසේ නොමැති වුනොත් අනාගතයේදී මේ දරුවන් තරබාරුවට පත්වීමේ අවදානමක් තිබෙන බව අධ්යනය මෙහෙයවූ පර්යේෂක කණ්ඩායම පෙන්වා දෙනවා.
ඉතිං කොහොමද පොඩ්ඩන් නිදි කරන්නේ…
ඇත්ත..ඒත් පොඩ්ඩාගේ අනාගතය ගැන බලාපොරොත්තු දල්වා ගෙන සිටින දෙමව්පියන් මේ ගැන යොමු වීම ඉතාම වැදගත්.
ඇල්වතුරෙන් ඇඟ සෝදන්න
රාත්‍රී ආහාරයෙන් පසුව දත් මදිනවා වගේම ටිකක් වේලාසනින් දරුවාගේ ඇඟ සෝදන්න. ඉහත කණ්ඩායම සඳහන් කරන්නේ මේ වෙනුවෙන් ඇල් වතුර වඩාත් සුදුසු බවයි.
රාත්‍රී ආහාරය කලින් ලබා දෙන්න
සමහර විට පැටියාට නිදිමත වුනත් අම්මා රාත්‍රී ආහාරය සකස් කරන තෙක් අවදියෙන් ඉන්න එපායැ.අම්මා කැමැතිත් නැහැ පැටියා බඩගින්නේ නිදි කරන්න.ඒ වුනත් රාත්රි ආහාරය හතට පෙරාතුව ලබා දෙන්න පුලුවන් නම් අම්මා දිනුම්.
පොතක් කියවන්න දෙන්න
අකුරු කියවන වයසේ සිටින දරුවෙකුට නම් නින්දට පෙරාතුව පොතක් කියවන්න දෙන්න.
රූපවාහිනිය ඇතුළු වෙනත් මාධ්‍ය නිවා දමන්න
පැටියාට නිදා ගන්න කියල දෝස්මුරය දාලා අම්මයි,තාත්තයි තිරය ඉදිරියේ හිටියට හරියන්නේ නැහැ.රාත්‍රී අට වෙද්දී මේ මාධ්‍ය නිවා දමන්න.
නිවසේ විදුලි ආලෝකයත් නිවන්න.
රූපවාහිනිය නිවලා පුතා ගිහින් නිදා ගන්න කිව්වාටමත් බැහැ.නිවසේ සෙසු විදුලි පහන් අඩුම වශයෙන් පැටියාට නින්ද යන තෙක් හෝ නිවා දැමීමත් වඩාත් සුදුසුයි.
නින්ද යන තෙක් කවියක් හෝ කතාවක් කියන්න
දරුවා නින්දට වැටෙන තෙක් කවියක් හෝ කතාවක් කියා දීමත් සුවදායක නින්දට හේතු වෙනවා.ඒ වගේම ‘‘ගුඩ්නයිට් කිස්“ එකත් අමතක කරන්න එපා.
පුන්යා චාන්දනී ද සිල්වා
Saru FM Media