පේරු රාජ්‍යයේ හිටපු ජනධිපතිට වසර 15ක සිර දඬුවම්

0
17


පේරු හි හිටපු ජනාධිපතිවරයා සහ ජනාධිපති ආර්යාවට වසර 15 ක සිර දඬුවමක් නියම කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පේරු හි හිටපු ජනාධිපති ඔලන්ටා හුමාලා මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් එරට අධිකරණය වරදකරුවෙකු කර තිබෙනවා.

ලීමා අගනුවර අධිකරණය ප්‍රකාශ කළේ, 2006 හා 2011 වසර වලදී ඔහුගේ මැතිවරණ ව්‍යාපාර සඳහා මුදල් සැපයීම වෙනුවෙන් හුමාලා බ්‍රසීල ඉදිකිරීම් සමාගමක් වන ඔඩෙබ්‍රෙක්ට් වෙතින් නීති විරෝධී අරමුදල් ලබාගෙන ඇති බවයි.

හුමාලා සමඟ ඔහුගේ බිරිඳ වන නදීන් හෙරෙඩියා ද මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් වරදකාරියක කර තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කළා.

කෙසේ වෙතත් හෙරෙඩියාට බ්‍රසීලය විසින් සරණාගතභාවය ලබා දී තිබෙනවා.

වසර තුනකට වැඩි කාලයක් පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව අධිකරණය තීන්දුව ලබා දුන් බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

එහෙත් 62 හැවිරිදි හිටපු ජනාධිපතිවරයා හා ඔහුගේ බිරිඳ අදාළ චෝදනා ප්‍රතික්ෂේප කරනවා.

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here