පේරාදෙණිය සරසවිය මොන්ටිසෝරියක් කරන්න යනවැයි කියා සිසුන් විරෝධයක

0
2

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් අද රාත්‍රියේ ගලහ මංසන්ධියේදී පන්දම් විරෝධතාවයක් පැවැත්විය.

ඔවුන් ගලහ මංසන්ධියට පැමිණ පෝස්ටර් සහ බැනර් ප්‍රදර්ශනය කරමින් පැයකට ආසන්න කාලයක් උද්ඝෝෂණයක නිරත වූ බව වාර්තා වේ.

උද්ඝෝෂණය පැවැති අවස්ථාවේ නුවර-කොළඹ ප්‍රධාන මාර්ගයෙහි හි එක් මංතීරුවක් වසා දැමීමට පොලීසිය කටයුතු කළ අතර, එම අවස්ථාවේ තරමක වාහන තදබදයක්ද දක්නට ලැබුණු බව පැවසේ.

වත්මන් පාලකයන් විසින් විශ්වවිද්‍යාලය “මොන්ටිසෝරි”යක් ලෙස සලකා නීති සම්පාදනය කර චක්‍රලේඛ නිකුත් කරමින් ශිෂ්‍ය නිදහස සීමා කිරීමට උත්සාහ කරන බවත්, එයට එරෙහිව දිගින් දිගටම සටන් කරන බවත් ශිෂ්‍ය නායකයන් පැවසීය.

එසේම, ශිෂ්‍ය නැගිටීම සහ එකමුතුව වැළැක්වීම සඳහා මෙවැනි චක්‍රලේඛ නිකුත් කරමින් ශිෂ්‍ය මර්ධනයක් සිදුකරන බවට ද ඔවුන් චෝදනා කළහ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here