පෙර පාසල් දරු­වන්ට ‘ONLINE’එපා

0
2

වයස අවු­රුදු 3 සිට 5 දක්වා දරු­වන්ට මාර්ග­ගත ක්‍රම­වේද ඔස්සේ (online) ඉගැ­න්වීම අධ්‍යා­පන මනෝ­වි­ද්‍යා­වට සහ ළමා සංව­ර්ධන මූල­ධ­ර්ම­ව­ලට පට­හැණි බව කාන්තා හා ළමා කට­යුතු අමා­ත්‍යාං­ශය පෙන්වා දෙයි.

වාණිජ පර­මා­ර්ථ­යෙන් සංවි­ධා­නය කරනු ලබන මෙවැනි ‘Online සම්ම­න්ත්‍රණ’ මඟින් දරු­වාගේ අධ්‍යා­ප­නික ප්‍රමි­තිය ඉහළ නොයන අතර, එය ඔවුන්ගේ ස්වභා­වික වර්ධ­න­යට බාධා­වක් බව අමා­ත්‍යාං­ශය නිවේ­ද­න­යක් නිකුත් කර­මින් කියා සිටියි.

අධ්‍යා­පන මනෝ­වි­ද්‍යා­වට අනුව, වයස අවු­රුදු 3-5 අතර පසු­වන දරු­ව­කුගේ ඉගෙ­නුම සිදු­විය යුත්තේ ක්‍රියා­කා­ර­කම් පාදක කර­ගත් (Activity-based) සහ සමා­ජීය අන්ත­ර්ක්‍රියා (Social Interaction) සහිත පරි­ස­ර­ය­කය. තිර­යක් (Screen) දෙස බලා සිටි­මින් ලබා­ගන්නා අධ්‍යා­ප­නය දරු­වාගේ සමා­ජීය කුස­ලතා වර්ධ­නය අඩාළ කරයි. අව­ධා­නය රඳවා ගැනීමේ හැකි­යාව (Attention Span) හීන කරයි. නිර්මා­ණා­ත්මක චින්ත­න­යට බාධා පමු­ණු­වයි. කුඩා දරු­වන් අධික ලෙස තාක්ෂ­ණික මෙව­ල­ම්ව­ලට නිරා­ව­ර­ණය කිරීම ඔවුන්ගේ මාන­සික හා කායික සෞඛ්‍ය­යට (විශේ­ෂ­යෙන් පෙනීම සහ මොළයේ වර්ධ­න­යට) අහි­ත­කර බැවින්, එවැනි වයස් කාණ්ඩ සඳහා මාර්ග­ගත පන්ති පැවැ­ත්වීම අනු­මත නොක­රන බව ද අමා­ත්‍යාං­ශය එහි සඳ­හන් කර තිබේ.

ශ්‍රී ලංකා රජයේ සහ කාන්තා හා ළමා කට­යුතු පිළි­බඳ අමා­ත්‍යාං­ශයේ ළමා සංව­ර්ධන ප්‍රති­ප­ත්ති­ව­ලට අනුව, පූර්ව ළමා­විය සංව­ර්ධ­න­යේදී දරුවා සජී­වීව පරි­ස­රය සමඟ ගනු­දෙනු කළ යුතුය. දරු­වෙ­කුගේ හොඳම ගුරු­ව­රයා, පරි­ස­රය සහ සජීවී අත්දැ­කීම් මිස ඩිජි­ටල් තිර­යක් නොවන බව ද සඳ­හන් කරන අමා­ත්‍යාං­ශය දරු­වන්ගේ මාන­සික සෞඛ්‍යය පිළි­බ­ඳව සලකා බලා මෙවැනි ක්‍රියා­කා­ර­ක­ම්ව­ලට දරු­වන් යොමු නොක­රන ලෙස වැඩි­හි­ටි­යන්ට දැනුම් දෙයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here