පෙම්වතා ඔබෙන් ඈත් වන බව හෙලි කරන මෙවැනි ඉඟි කලින්ම හඳුනා ගන්න

0
9


ප්‍රේම සබඳතාවක් ඔබ ආරම්භ කරන්නේ එය විවාහයක් දක්වා ගෙන යාමේ අරමුණ ඇතුව. එත් මොනයම් හෝ හේතුවක් නිසා සබඳතා අවසන් වෙන අවස්ථා අපි ඕනෑ තරම් අහලා තියනවා.කොහොමද ඔබේ පෙම්වතා ඔබෙන් දුරස් වෙනවද කියලා දැනගන්නේ? ඒ ගැන හැඟවෙන ඉඟි ටිකක් අපි ඔබට කියන්නම්

නිතර ඔබට දුරකථන ඇමතුම් දෙමින් නිතර ඔබව මුණගැහෙන්නට පැමිණි ඔහු දැන් ඔබට අමතන්නේ ඉඳහිට නම් , මුණගැහෙන්නට එන්නේ ඔබේ ඇවිටිලි කිරීමෙන් පසුව නම් ඒ ගැන ඔබ විශේෂයෙන් හිතන්නට ඕනෑ.ඒ වගේම ඔහු ඔබේ ඇමතුම් මග හරිනවා නම් , ඔබේ Missed calls වලට නැවත ප්‍රතිචාර නොදක්වනවා නම් , ඔහු යන එන තැන් ගැන වෙනදා මෙන් ඔබට කියන්නේ නැත්තම් ,එයත් ඔබ හිතන්න ඕන කාරණාවක්

ඔහු මිතුරන් සමඟ වැඩිපුර කාලය ගත කරනවා නම් , විනෝද චාරිකා ,සාද වලට යාමට කාලය වැඩිපුර වෙන් කරනවා නම් එය එතරම් හොඳ දෙයක් නෙමෙයි.මේ කියන්නේ ඔහුගේ පෞද්ගලික අවකාශය ඔබ උදුරා ගත යුතු බව නෙමෙයි. වෙනදා මෙන් ඔහු ඔබ මගහැර සතුටින් කාලය ගත කිරීම ගැනයි.

මෙය ඔබට ඔහු ඔබෙන් ඈත් වෙනවද කියා දැනගැනීමට හොඳ සාධකයක් . ඔබ දෙදෙනා ආදරය කරනවා නම් දෙදෙනාට අනාගතය පිළිබඳව බොහෝ සැලසුම් තිබිය යුතුයි.ඔබේ පෙම්වතා ඔබත් එක්ක එවැනි දෑ ගැන කතා කිරීම මග හරිනවා නම් ඒ ගැන ඔබ අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ

මෙය එක වරක් සිදු වූ පමණින් ඔහු ඈත් වෙන බවට ඔබ නිගමනය කල යුතු නෑ.ඔහු දිගින් දිගටම ඔබ හා ඡායාරූප ගැනීම ප්‍රතික්ෂේප කරනවා නම් පමණයි ඔබ ඒ ගැන හිතන්නට ඕනෑ.ඔහු අකමැති බව හෝ ,පස්සෙ ගමු කීම හෝ , මූඩ් එකක් නැති බව හෝ කීම විශේශයෙන්ම ඔබ දෙදෙනාගේ ඡායාරූප සමාජ මාධ්‍ය වල පල කරන්නට එපා කීම ගැන ඔබ අවධානයෙන් ඉන්න එක වැදගත්

ඕනෑම පෙම්වතියක් තමන්ගේ පෙම්වතාගෙන් විශේශ අවධානයක් බලාපොරොත්තු වෙනවා.එය යම් තරමක් දුරට අඩු වෙනවා නම් ඔබ එතරම් කලබල විය යුතු නෑ.නමුත් ඔබට අවශ්‍යම අවස්ථා වලදි , ඔබ අසනීප වු විට හෝ ඔබට යම් කරදරයක් වු විටත් ඔහු ඔබ ගැන නොසලකා ඉන්නවා නම් එය ඔබ හිතන්න ඕන දෙයක්.

මේ කියන්නෙ ඔහු ඔහුගේ ජීවිතයේ සෑම දෙයක්ම ඔබෙන් අසා කල යුතු බව නෙමෙයි.ඔහුගෙ ජීවිතයේ විශේෂ තීරණ ගැන ඔබ හා කතා කිරීමයි.ඔහු අලුතෙන් වාහනයක් මිළට ගන්න යාම ,රැකියාවෙන් ඉවත් වීම හෝ අලුත් රැකියාවකට අයදුම් කිරීම , ව්‍යාපාරයක් ආ‍රම්භ කිරීම , විදේශ ගතවීම වගේ තීරණ ඔබ නැතුව ගන්නවා නම් ඔබ ඒ පිළිබඳව අවධානය යොමු කල යුතුයි

ඔබ කියන ඕනෑම දෙයකට ඔහු තරහා ගන්නවා නම් , නිරන්තරයෙන්ම ඔබ එක්ක ගැටුම් ඇති කරගන්න ඔහු උත්සහ කරනවා නම් එයත් ඔහු ඔබෙන් ඈතට යන බව පෙන්වන රතු කොඩියක්.ඔබ සමථයකට පත් වීමට උත්සහ කරද්දී පවා ඔහුට අවශ්‍ය ඔබට බැන වදිමින් ගැටුම ඉදිරියට ගෙන යාමට නම් ඔහු ඔබෙන් ඈත්වීමට හේතුවක් හොයනවා විය හැකියි

ඉතින් මේ ඉඟි ඔබේ පෙම්වතාගෙන් ඔබට දකින්න තියනවා නම් ඔබ ඒ ගැන සැලකිලිමත් උනාට වරදක් නෑ.නමුත් ඔහු පසුපස හඹා ගොස් ඔහුව සැක කරමින් ඔහුව පීඩාවට පත් කරන්න එපා. එය ඔබේ පෙම්වතා තව දුරටත් ඔබෙන් ඈත් කිරීමට හේතුවක් වේවි. ඕනෑම සම්බන්ධතාවයකදී ඉවසීම යනු ඉතාම වැදගත් සාධකයක් නිසා ඔබේ පෙම්වතා කෙරෙහි ඉවසීමෙන් කටයුතු කරමින් මේ ඉඟි ඔහුගෙන් ලැබෙනවාද යන්න පමණක් සැලකිලිමත් වෙන්න. ඔබව දිගින් දිගටම අපහසුතා වයට පත් කරමින් මේ හැසිරීම් දිගටම පවත්වාගෙන යනවා නම් ඔහු සමග මේ පිළිබද විවෘතව සාකච්ඡා කර යම් සාධනීය විසදුමකට එන්න උත්සහ කරන්න . නමුත් යම් විසදුමක් නොලැබේ නම් ඔබේ ජීවිතේ සතුට වෙනුවෙන් තීරණයක් ගැනීමටත් පමා වන්න එපා. දිගු කාලයක් පවත්වාගෙන ආ දිගු සම්බන්ධතාවක් නම් ඔබ එක වර තීරණයක් ගැනීමට පෙර මනෝවිද්‍යා උපදේකවරයෙක් හමුවී අවශ්‍ය සහය හා මගපෙන්වීමක් ලබා ගැනීම වඩාත් සුදුසුයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here