පෙම්වතා එක්ක වුණ ගැටුමකින් පස්සෙ කවදාවත් එයාව පණපිටින් දැක්කෙ නෑ!

0
8


ගොවිපලේ දි මොකද්ද දැක්කෙ?

ඒ විස්කොන්සින් වල ග්‍රීන් බේ වලට හොඳට ඉර පායලා තිබුණ හරි ලස්සන වසන්තයේ දවසක්.

හැබැයි එච්චර ලස්සන වසන්තයේ දවසක් වෙලත් අපේ කතාව කියන ගොවි මහත්තයට නම් උදේම දකින්න උනේ එච්චර ලස්සන දෙයක් නම් නෙවෙයි. ඒ දර්ශනය තමයි ඒ ගොවි මහත්තයට 2016 අවුරුද්දෙ මැයි මාසෙ 21 වෙනිදා 911 කෝල් කරලා “ගෑණු කෙනෙක්ගෙ මල සිරුරක් තියෙනවා” කියල දැනුම් දෙන්න හේතුවක් වෙන්නෙ.

ඒ මල සිරුර තිබුනෙ පාරට නොපෙනෙන වනන්තර ප්‍රදේශයක හැංගිලා ගිහින් වගේ. මල සිරුරෙ පෙනුම අනුව ඒක අවුරුදු 30ක් වගේ වයස කාන්තාවකගෙ.එයා මූණ බිම පැත්තට තියෙන්න තමයි එතන පණ නැතුව වැටිලා හිටියෙ.එයාගෙ ඇඟේ කිසිම තුවාලයක් වත් මිය යන්න හේතුව මෙන්න මේක වෙන්න පුලුවන් කියල හිතෙන කිසිම සාධකයක්වත් පේන්න තිබුනෙ නෑ. හැබැයි මේ මිය ගිහින් ඉන්න කාන්තාවගෙ අතේ රෝස පාට ක්ලබ් බෑන්ඩ් එකක් වගේම, සොක්ස් වගේම පිටේ සපත්තු පාරක් එහෙමත් දකින්න ලැබුණා.

ඊට පස්සෙ තමයි පොලිසියෙ මිනිස්සු මූණ පේන විදියට එයාව අනිත් පැත්තට පෙරලුවෙ.

ඉන් පස්සෙ මොකද්ද දැක්කෙ?

“එයාට වෙලා තිබුණ තුවාල හරිම බිහිසුණු ඒවා” කියල කිව්වෙ බ්‍රවුන් ප්‍රාන්තයේ ශෙරිෆ් වරයා වෙන Sgt. Richard Loppnow. “එයාගෙ බෙල්ලෙ වම් පැත්තෙ ලොකු තැල්මක් පෙන්නනවා ඒක බෙල්ල මිරිකා දාපු සලකුණක් වගේ. ඊට අමතරව එයාගෙ මුලු ඇඟ පුරාම තැලුම් පාරවල් සහ තුවාල තිබුණා. එයාගෙ නියපොතු තුවාල වෙලා තිබුන එකෙන් පෙන්නන්නෙ එයා බේරෙන්නෙ පොර බැදලා තියෙනව කියන එක”

එතනට වෙලා මේ සෝදිසි මෙහෙයුම් සිදු කරද්දි තමයි අරුම පුදුම කෝල් එකක් ආවෙ. ඒ හවස හතරහමාරට විතර. කෝල් එක එන්නෙත් non-emergency line එකට. කෝල් එකෙන් කතාකරන කෙනා අහන්නෙ “අතුරුදහන් වෙච්ච කෙනෙක් ගැන දැනගන්නෙ කොහොමද?” කියලා. මේ කතාකරන කෙනාගෙ නම විදියට සඳහන් වෙන්නෙ Doug Dietrie.

මෙයා කියන්නෙ එයා කතාකරන්නෙ ඊයෙ රෑ ඉඳලා එයාගෙ Girl Friend වුණ, අවුරුදු 31  වයසැති. දරුවො තුන් දෙනෙක්ගෙ අම්මා කෙනෙක් වෙන Nicole VanderHeyden අතුරුදහන් වෙලා කියලා.ඒ කෝල් එක අනුව තමයි පොලිසිය ටක් ගාලා මේ දෙන්න ජීවත්වෙච්ච එයාලගෙ ගෙදරට යන්නෙ. ගෙදරට යද්දිත් Doug ඉන්නෙ නිකන් රෑ හොඳට පාටි දාලා, බීලා කරපු බව පේන Hangover look එකකින් කියලා කියන්නෙ Brown County Sheriff Sgt. Tracy Holschbach.

Club එකේදි මොකද වුණේ?

Doug කියන විදියට ඊයෙ රෑ එය Nicole එක්ක සහ එයාගෙ යාලුවො එක්ක Local Bar එකකට ගියා කියලා Live Singing Session එකක් බලන්න.

“රෑ වෙද්දි මෙයාලා හොඳටම බීලා ඉන්න අතරවාරෙ Doug ට කාලෙකින් හම්බුවෙච්ච නති එයාගෙ ඉස්කෝලෙ යාලුවො වගයක් දැකලා ගිහින් තියෙනවා කතා කරන්න” කියලා කියන්නෙ Brown County Sheriff Sgt. Tracy Holschbach. “මෙතනදි Nicole ට තරහා ගිහින් තියෙනවා Doug එයාගේ ඉස්කෝලෙ යාලුවො අතර උන්න ගෑණු ළමයෙක්ට කතා කරනවා දැකලා. ඒකට එයා පොඩ්ඩක් අප්සෙට් එකේ ඉඳලා තියෙනවා” කියලත් එයා වැඩි දුරටත් කියනවා.

කොහොමහරි Doug එයාගෙ යාලුවා වෙච්ච Gregg එක්ක ඒ බාර් එකේම ඉද්දි Nicole යනව එයාගෙ යාලුවො එක්ක Sardine Can කියලා වෙන තැනකට. මේ වෙද්දිත් Nicole ඉඳලා තියෙන්නෙ Doug එක්ක තරහෙන් එයා අර වෙන කෙල්ලෙක් එක්ක කතා කරනවා දැක්ක එකට. එයා Doug ට බැනලා මැසේජ් යවලා තියෙනවා “මොකී එක්කද අර කතා කර කර හිටියෙ?” කියලා. ඒ වගේම Nicole සැක කරලා තියෙනවා Doug එයාට Cheat කරනවා සහ ඒ වගේම Nicole Doug ට කියලා තියෙනවා එයා හරිම නරක Partner කෙනෙක් කියලා.

Doug කියන කතාව අනුව එයා රෑ 12.30 ට විතර එතනින් පිටත්වෙලා Nicole ඉන්න තැනට ගියාට, එයා එතන හිටියෙ නැති නිසා තමන් ගෙදර ගියා කියලා. ගෙදර යද්දිත් Nicole ඉඳලා නෑ වගේම එයාලගෙ පොඩි දරුවා baby sitter එක්ක ඉඳලා සහ Nicole ගෙ කලින් විවාහයේ දරුවො දෙන්න එයාගෙ තාත්ත ලඟට ගිහින් කියලා. Nicole උදේ ගෙදර ඒවි කියල හිතුවට ආවෙ නැති හන්දා තමයි Doug උදේ කෝල් එක දීලා තියෙන්නෙ පොලිසියට.

කොහොමහරි Doug අඳුරගන්නවා ගොවිපලේ තිබ්බ සිරුර Nicole ගෙ කියලා.

පරීක්ෂණය

පරික්ෂන අතරවාරෙ පොලිසියට පුලුවන් වෙනවා ලේ ගෑවිච්ච Nicole ගෙ ඇඳුම්, එයාගෙ බෑග් එක, ෆොන් එක, අයි ඩී එක එහෙමත් හොයාගන්න. පරීක්ෂණ වලට මේක ලැබ් එකට යැව්වත් ලැබ් එකේ ඒ වෙද්දිත් තව ගොඩක් කේසස් තිබුන නිසා මේක පොඩ්ඩක් ඉක්මන් කරගන්න අමාරු වෙනවා. ඒ අතරවාරෙ Nicole ගෙ මරණ පරීක්ෂන වාර්තාව එනවා. ඒකට අනුව එයාව ගෙල සිරකරල මරලා දාලා තියෙනවා සහ එයාව ලිංගික අඩත්තේට්ටම් වලටත් ලක් කරලා තියෙනවා කියල හඳුනගන්නවා.

කොහොමහරි Sardine Can කියන ක්ලබ් එකේ සීසිටිවි දර්ශන වල Nicole අවුලෙන් ඉන්න බවත්, විටින් විට ෆෝන් එක බලන බවත් පොලිසිය දකිනවා. ඒ වගේම රෑ 11.45 ට විතර Nicole එයාගෙ යාලුවෙක් වුණ Aaron Glinsky එක්ක ක්ලබ් එකෙන් පිටතට යනවා පෙන්නනවා. ඇත්තටම වෙන්නෙ Nicole තරහෙන් එතනින් පිටවෙද්දි Aaron Glinsky එයාව Follow කරන එක.

එතනදි තමයි පොලිසිය Aaron Glinsky ගෙන් ප්‍රශ්න කරන්න යන්නෙ. “Nicole සන්තෝසෙන් හිටියා Doug එයාට reply කරන එක නතර කරන කම්. මං කොච්චර උත්සහ කරත් එයාව ගෙදර එක්කරගෙන යන්න එයා කැමති උනේම නෑ. Nicole ගහගන්න ආවට පස්සෙ මම එයාව දාලා ආයෙ ආවා” කියලා Aaron Glinsky කියනවා.

Aaron Glinsky කියන කතාව ඇත්ත බව ඔප්පු කරන්න එයාලා උන්නු තැන සීසීටිවි රෙකෝඩ්ස් වගේම යාලුවොත් සාක්කි දෙනවා. කොහොමහරි එයාලා එතනින් ගියාට පස්සෙ තමයි Doug එයාගෙ යාලුවා උන Greg එක්ක එන්නෙ. ප්‍රශ්න කිරීම් වලදි Nicole හොයාගෙන ආව කිව්වට සීසීටිවි ෆුටේජ් වල නම් එහෙම දෙයක් පේන්නෙ නෑ. ඒ දෙන්න එතනට ඇවිත් තියෙන්නෙ ෆන් එකක් ගන්න මිසක් Nicole ව හොයන්න නෙවෙයි කියල තේරෙනවා.

සැකය යන්නෙ Doug ගෙ පැත්තට

තමන් එක්ක මෙච්චර වෙලා ෆෝන් එකෙන් රණ්ඩු කරපු කෙල්ල ගැන හොයන්නෙ නැතුව ක්ලබ් එක ඇතුලෙ ෆන් එකේ ඉන්න Doug දිහාවට පොලිසියෙ සැකය යන්නෙ ඒ එක්කා. හරිනම් එයා Nicole ව හොයන්න ඕන උනත් එයා එහෙම කරන්නෙ නැති නිසා.

ඒ වගේම පවුලෙ අයත් සාක්කි දෙනවා Doug කියන්නෙ හරිම Abusive partner කෙනෙක් කියන එක ගැන. Doug ට විරුද්ධව තියන පොලිස් වාර්තා බලද්දි එයාගෙ කලින් පෙම්වතිය වුන රෙබෙකා එයා තමන්ව හිංසනයට ලක් කරා කියල දාපු පැමිණිල්ලක් එහෙමත් හම්බෙනවා. ඒ අනුව තමයි මේ දෙන්න ජීවත්වුන ගෙදර පරීක්ශා කරන්න පොලිසිය එන්නෙ.

ඒ පරීක්ෂනයෙදි මේ ගෙදර කාර් පාක් එකේ, Nicole ගෙ වාහනේ එහෙම ලේ පැල්ලම් තිබිලා අහුවෙනවා. ඒ වගේම අසල්වැසියො කියනවා එයාලගෙ ගෙවල් සීමාවෙත් ලේ පැල්ලම් තිබිලා අහුවුනා කියලා. ඒ වගේම පොලිසියට පුලුවන් වෙනවා ඇන්ඩ්‍රොයිඩ් චාර්ජර් එකක කෑලි එහෙමත් හොයාගන්න. ඒ අනුව පොලිසිය නිගමනයකට එනවා මෙතනදි තමයි Nicole ට පහරදීලා මරලා දාන්න ඇත්තෙ කියල.

Doug ව අත් අඩංගුවට ගන්නෙ ඒ විදියට.

හැබැයි සාක්කි ලැබෙන්නෙ පරහටමයි. සීසීටිවි ෆුටේජ් බලද්දි දැනගන්න ලැබෙනවා Doug එයාගෙ වාහනේ ක්ලබ් එකේම දාලා එන්නෙ කියන එක සහ Nicole එයාගෙ වාහනේ එලියට අරගෙන නැ කියන එක. පොලිසිය Doug ගේ යාලුව වුන Gregg ගෙනුත් ප්‍රශ්න කරනව, එයා මේකට උදව් කරන්න ඇති කියලා සැක කරලා. මේ දෙන්නගෙම සාක්කි සමාන වෙනවා සහ එයාලගෙ Phone data වලින්  ඒ දෙන්න කියපු දේවල් ඔප්පුත් වෙනවා.

ලැබ් එකෙන් පරීක්ශන වාර්තා එන්නෙ ඒ අනුව. එතනදි Nicole ගෙ ඇඟේ තියෙන DNA වලට Doig ගෙ DNA සමාන වෙන්නෙ නෑ. ඒ DNA හඳුන නොගත් වෙන පිරිමි කෙනෙක්ගෙ බව ලැබ් එකෙන් කියනවා. ඒ වගේම ගෙදර කා පාක් එකේ තිබුන ලේ මනුස්සයෙක්ගෙ නෙවෙයි සතෙක්ගෙ කියන එකත් හොයාගන්නවා. වාහනයේ තිබිල තියෙන ලේ පැල්ලම් Nicole ගෙ දරුවෙක්ගෙ කියන එකත් හොයාගන්නවා.

ඒ වගේම Doug ගෙ අතේ තිබුන FitBit smart watch එක Doug කියපු සාක්කි, එයා උන්නු තැන් සහ කරපු දේවල් ඔප්පු කරගන්න උදව් කරනවා.

ඒ අනුව පොලිසියට පිලිගන්න වෙනවා මේ සිදුවීමට Doug ගෙ කිසිම සම්බන්ධයක් නෑ කියන එක. ඒ අනුව පරීක්ෂන දිගටම පැවැත්වීගෙන යනවා Nicole ගෙ අපරාධකරුව හොයාගන්න.

සාක්කියක් හම්බෙනවා



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here