හොඳ යාළුවෝ කියන්නේ කරදර කාලයක පායන තාරකා එළි වගේ අයට. පොඩි කාලේ ඩෙස් එකේ එහා පැත්තේ ඉන්න කෙනා හොඳම යාළුවා වුණාට වයසින් වැඩෙනකොට යාළුකම් වලටත් අගයන් එකතු වෙනවා. එතකොට ගෑනු පිරිමි භේද, වයස් සීමා කිසිම දෙයක් බලපාන්නේ නෑ.අපේ පරම්පරාව නිර්මාණය වෙන්නේ පුළුල් මනසක් සහිතව. එතකොට ගැහැනු පිරිමි යාලුකම් ඇත්තටම මැජික් එකක් නෙවෙයි. කාජල් – ෂාරුක් විතරක් නෙවෙයි. අපි අවට වුණත් එහෙම යාළුකම් ඕනෑතරම් තියනවා.
මේ වගේ යාලුකම් සමහර වෙලාවට ගැටලු උපද්දනවා. පෙම්වතාගේ හොඳම යාළුකම අයිති ගැහැනු ළමයෙක්ට නම් සමහර පෙම්වතියන් ඒ තත්ත්වය දරා ගන්න අකමැති. ඔයාටත් මේ ප්‍රශ්නේ තියනවද? එහෙනම් කියවන්න.
ඒ හොඳම යාළුවා. ඔබ තමයි ඔහුගේ පෙම්වතිය. ඒ තමයි සරලම කතාව. ඒ නිසා ඔහු ඔබ දෙදෙනාට සලකන්නේ ආකාර දෙකකට ද කියලා මුලින්ම විමසිලිමත් වෙන්න. කාන්තාවන්ට දක්වන සැලකීම එකක්.නමුත් ආමන්ත්‍රණ, වැළඳ ගැනීම් වල පැහැදිලි වෙනසක් තියෙන්න ඕනෑ. ඒ නිසා මිතුරියව ඔබ දෙදෙනා සමඟ ගමන් බිමන් එක්ක යන්න. ඇත්තටම එයාලගේ බැඳීම ගැන ඔබට අදහසක් ලැබෙයි.
ඔබට ඔහු සලකන ආකාරය ගැන ඇයට ඉරිසියාවක් ඇති වෙන්න බෑ. ඇය ඔබට අමුතු අන්දමේ අපවාද සහ විවේචන කරනවානම් අන්න ඒ රතු කොඩියක්. ඔබ එක්ක ඇය බොහොම සුහදනම් ඔබ එක්ක තරගයක් නැත්නම් ඇය ඇත්තටම හොඳ යාළුවෙක්
ඔවුන්ගේ චැට් කියවන්නට යාම කැත වැඩක්. ඒ වගේම ඔබට ඇයට පෙම්වතා දෙන තැන සහ ඇයට ලබා දෙන ඉඩ ගැන ගැටළු තියෙනවානම් ඒවා කියන්න ඕනෑ රණ්ඩු වෙමින් නෙවෙයි. බොරු සැකයත් ඔබේ සමහර වචනත් නැති ප්‍රශ්න ඇති කරන්න පුලුවන්. ඇයත් ඔහුත් හංගන දේවල් තියනවානම් සීරුවෙන් ප්‍රශ්න කරන්න
ඔබ දෙදෙනාට වඩාත් සමීප සහෝදරියක් හෝ මිතුරෙක් තෝරා ගන්න. ඔබේ පෙම්වතා සහ ඔහුගේ හොඳම මිතුරිය ගැන එයාගේ අදහස් විමසන්න. ඒවා රතු කොඩි පෙනෙන හැසිරීම් ද නැතිනම් බොහොම පිරිසිදු මිත්‍රත්වයක් ද කියන දේ තුන්වැනි පාර්ශවයටත් හිතලා බලන්න පුලුවන්.හැබැයි ප්‍රවේසම් වෙන්න. මේ කටයුත්තට ගන්න ඕනෑ නිවන්නට දන්නා කෙනෙක් මිස අවුලවන කෙනෙක් නෙවෙයි.
තර්ජනාත්මක නොවන ආකාරයෙන් ඔබේ පෙම්වතා සමඟ කතා කරන්න. ගැටලුවක් ඇති බව කියන්න.අපි කතා කළ යුතුයි…”කියමින් කල්තියා සැලසුම් කර මාතෘකාවට එන්නට එපා.රිය පදවන විට හෝ එක්ව යම් ක්‍රියාකාරකමක යෙදෙන විට අහම්බෙන් ඒ මාතෘකාවට එන්න. ඔහුට ඒ මිත්‍රත්වය වැදගත්වන ආකාරයත් එහි සීමා ගැනත් ඔහු සමඟ සැහැල්ලුවෙන් කතා කරන්න.
විශ්වාසයේ විශාල කොටසක් වන්නේ ඔබේ සහකරුට ගරු කිරීම සහ ඔහුගෙන් හෝ ඇයගෙන් දේවල් සඟවා නොගැනීම. එය බොහෝ දුරට රඳා පවතින්නේ එකිනෙකා තුළ ඇති හොඳම දේ විශ්වාස කිරීම මතයි.ඔබේ පෙම්වතා ගැහැණු ළමයෙකු සමඟ ඇති මිත්‍රත්වය පිළිබඳ තොරතුරු සඟවන බව සොයා ගැනීම තවත් දේවල් සිදුවෙමින් පවතින බවට ලකුණක් විය හැකියි. ඔහු දේවල් සඟවන විට එය ඔබේ විශ්වාසය අනතුරේ හෙළන බව ඔහුට පැහැදිලි කරන්න.කෙසේවෙතත්, ඔහු ඔබට විශ්වාසවන්තව සිටින බව විශ්වාස කිරීමද වැදගත්. ඒ නිසා ඔහුව විශ්වාස කරමින් ඔබේ ගැටලුව ගැන විමසිලිමත් වෙන්න.
ඔබ නිස්කාරණේ සැක කරන්නියක් වෙලා වගේ ඔබට දැනෙනවානම් හරිම වැදගත් වෙන දේ උපදේශනය.ඔබට දැනෙන ඉරිසියාව සහ සැකය ගැන තේරුම් ගන්න වෘත්තීයවේදියෙක්ට අපහසු නෑ. කළ යුතු දේ ගැනත් ඔබට කියලා දෙයි.
හැබැයි ඒ ඔවුන් අතර පැහැදිලි වතුර වගේ හොඳ මිත්‍රත්වයක් පවතිනවානම් විතරයි. රතු කොඩි පෙනෙමින් ජීවිතය ගැටළුවක හෙලා ගන්නට එපා. ජීවිතය ඔබේ. එය විඳවමින් ඉන්නේ නැතුව තීරණ ගැනීම ඔබට අයිති දෙයක්.
Saru FM Media