පෙම්වතාගේ නිවසේ පැවැති මත්පැන් සාදයකදී උදැල්ලකින් වැදුණු පහරකින් අවිවාහක සංවර්ධන නිලධාරිනියක මියගොස් ඇතැයි මාවතගම පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ මාවතගම, වැවගෙදර පදිංචි 37 හැවිරිදි රාජපක්ෂගේ නදීෂානි කීර්ති රාජපක්ෂ නමැත්තියයි.
මියගිය තරුණිය රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරිනියක ලෙස සේවය කර ඇත. ඇය තම පෙම්වතාගේ නිවසේ 11 දා පැවැති සාදයකට සහභාගි වී ඇති අතර පෙම්වතාත් මිතුරනුත් අතර ඇතිවූ ආරවුලක් මත කිසිවකු විසින් එල්ල කරන ලද උදලු පහරකින් ඇය මෙසේ මරුමුවට පත්වී ඇතැයි මාවතගම පොලිසිය පවසයි.
දැනට මෙම මරණය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
මාවතගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. එම්. එස්. ඒ. පද්මසිරි මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක වයි. එම්. එන්. ජයවර්ධන මහතා ඇතුළු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදුකරති.
මාවතගම – කාන්තිමාලා උඩගෙදර
Saru FM Media