පෙම්වතාගේ ආදරය දිනාගෙන ඔහුගේ ලෝකයේ රැජින වෙන්න මේ දේවල් අදම ජීවිතයට එක් කරගන්න

0
9


අපි හැමෝම ආසයි ආදරෙන් සහයෝගයෙන් ජිවත් වෙන්න. විශේෂයෙන්ම අපේ ආදරවන්තයා සමඟ. ඒත් සමහර විට නොදැනීම ට්‍රැක් එකෙන් පිට යන වෙලාවලුත් තියෙනවා. කලබල වෙන්න දෙයක් නැහැ. ඒ දේවල් මුකුත් නොවෙන්න මෙන්න මේ ආර්ටිකල් එක ටිකක් කියවලා බලන්න.

හොඳ ආදරණිය සම්බන්ධතාවයකට විශ්වාසය කියන එක ඕනෑම දෙයක්. ඉතින් එකිනෙකා පිලිබඳ විශ්වාසය තහවරු කරගෙන ඉන්න එක කෝකටත් හොඳයි. මෙතන විශ්වාසය කියන්නේ ඔබේ ආදරාවන්තයා ගැන අරගෙන් මෙයාගෙන් අහ අහා යනවා කියන එක නෙමේ කියලා මතක තියාගන්න. ඔබට ඔහුව දැනෙන ආකාරය තමා මෙහිදී වැදගත් වෙන්නේ.

ඔබ දෙදෙනා අතර සම්බන්ධය අනෙක් සියලු සම්බන්ධතාවයන්ට වඩා සුවිශේෂී බව මතක තබාගන්න. ඉතින් දෙදෙනාගේ රහස් පුද්ගලික දේවල් ඔබ දෙදෙනා අතරම තබා ගැනීමට වගබලා ගන්න.

තමන් කියන දේ කියවනවා මිස අනෙකාට අහුම්කන්දීමේ පුරුද්ද අපට ටිකක අඩුයි. තොර තෝංචියක් නැතිව කියෙව්වට කමක් නැහැ. ඔහුටත් කතා කරන්න අවස්තාව දෙන්න. හොඳින් උනන්දුවෙන් අහගෙන ඉන්න.

මෙය ටිකක් අමාරු වැඩක්. සමහර අය බොහෝ කාලයක් ගියාට පස්සේ තමා තේරුම් ගන්නේ තමන් කෙනෙකාව තේරුම් නොගත්බව. ඒ නිසා එවැනි අවස්ථාවන්ට ඉඩ තියන්න එපා.

අපි මේ වැඩේට හරිම දක්ෂයි. නිතරම අනෙකාගේ ගැටළු ඔහුගේ දෘෂ්ටිකෝණයෙන් බැලීමට උත්සාහ කරන්න. එවිට අනෙකාව තේරුම් ගැනීමටත් පහසු වෙයි.

මෙය අනිවාර්යයෙන්ම වැදගත් යහපත් සම්බන්දතාවයකට. නමුත් මතක තියාගන්න මෙය පුහුණු කලයුතු ගුණාංගයක් බව.

ආදරය කරද්දී අප බලාපොරොතුවෙන්නේ දේව ගතිගුණ තිබෙන ආදරවන්තයෙක්, ඔබේ සියලු වැරදි ඉවසන, නිතරම සමාව දෙන, එහෙම නේද? නමුත් මතක තියාගන්න ඔබ සමඟ ඉන්නේ මිනිසෙක්. ඔහුටත් වැරදි අතපසුවීම් සිදුවෙනවා. එය නිතරම මතක තියාගෙන කටයුතු කරන්න.

සමහරවිට මෙය විනෝදාංශයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මියුසික් ක්ලාස් එකක් හෝ පේන්ටින් ක්ලාස් එකකට යනවා වෙන්නත් පුළුවන්. වැදගත්ම දේ දෙදෙනා දෙදෙනාගෙන් තොරව යම්කිසි සතුටුදායක දෙයක යෙදීම. හැමතිස්සෙම දෙන්නම එකම දේ කරන්න ඕනා කියලා හිතන්න එපා.

ඔහු ඔබේ ආදරවන්තයා. ඔහුගේ කටයුතු සාර්ථක කරගැනීම සඳහා නිතර ඔහුව ධෛර්යමත් කරන්න. පසුගාමී වන අවස්ථා හඳුනාගෙන පෙන්වා දෙන්න. ඔහුගේ සෑම වැඩකටම උදව් කරන්න.

මෙය ආදරය තරමට වැදගත්. කොපමණ ආදරය කරනවා කිවුවත් අනිකාට ගරු කරන්නේ නැත්නම් එතන ආදරය පවතින්නේ නැහැ. නිතරම එකිනෙකට ගෞරවයෙන් සැලකීමට පුරුදු වෙන්න.

ඉතින් මේ සියලුම දේවල් සැලකිල්ලෙන් යුතුව පිළිපැදලා බලන්න. ලෝකයේ ඉන්න ආදරණියම යුවල ඔබට ඉක්මනින්ම හමුවේවි.

– චම්මි –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here