අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය නැවතත් අමෙරිකානු යුද දෙපාර්තමේන්තුව ලෙස නම් කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.
ඒ සඳහා වන විධායක නියෝගයට අද (05) අත්සන් කිරීමට නියමිතය.
ඒ අනුව එරට ආරක්ෂක ලේකම් තනතුර ද යුද ලේකම් ලෙස වෙනස් වනු ඇති.
කෙසේ වෙතත් එම නම වෙනස් කිරීමට එරට කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය අවශ්‍ය බැවින් අදාළ අනුමැතිය ලැබෙන තුරු එම දෙපාර්තමේන්තුවේ නම වෙනස් කිරීම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයාට හැකියාව නොලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
Saru FM Media