පෙන්ටගනයෙන් ඉරානයට ගොඩබින් ගහන්න සැලැසුමක්; මැරීන් භටයන් 4000ක් මැදපෙරදිගට

0
2

පෙන්ටගනය ඉරානය තුළ ගොඩබිම් යුද මෙහෙයුමක් සිදු කිරීමට සුදානම් වෙමින් සිටින බව ‘වොෂින්ටන් පෝස්ට්’ පුවත්පත වාර්තා කර තිබේ.

එය සති කිහිපයක් පුරා ක්‍රියාත්මක වන දැවැන්ත මෙහෙයුමක් වනු ඇති බව එහි දැක්වේ.

මේ වනවිටත් යුද සැලැසුම් අමෙරිකානු ආරක්ෂක මූලස්ථානය විසින් සකස් කර අවසන් බවද පැවසසේ. 

කෙසේවෙතත් මේ සඳහා අමෙරිකානු ජනාධිපතිවරයා සිය අනුමැතිය ලබා දෙන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් මේ දක්වා ස්ථිරව ප්‍රකාශවී නොමැති බව අදාළ වාර්තාවේ දැක්වේ.

මැරීන් භටයින් 4,000ක් පමණ මැදිපෙරදිග කලාපය බලා ගොස් ඇති බවට ද මීට පෙර තොරතුරු වාර්තා විය.

82 වන ගුවන් හමුදාවේ පැරෂුට් භටයින් යුද මෙහෙයුම සඳහන් සූදානම්ව සිටින බවට වැඩිදුරටත් සඳහන්ය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here