පෙට්‍රල් මිල අඩු වුණත් ත්‍රීවිල් ගාස්තුවේ අඩුවක් නැහැ

0
10


පෙට්‍රල් මිල සංශෝධනය කළ ද ත්‍රිරෝද රථ ගාස්තුව සංශෝධනය කිරීමට හැකියාවක් නොමැති බව ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ සංගමය පවසනවා.

එම සංගමය පවසන්නේ පෙට්‍රල් මිල රුපියල් 10 කින් අඩු කළ ද, ත්‍රිරෝද රථ ගාස්තුව අඩු කිරීමට හැකිවන්නේ රුපියල් දෙකකින් බවයි.

ඒ, අනුව මගියාට රුපියල් දෙකක ලාභයක් ලබා දී විහිළුවකට පත්වීමට හැකියාවක් තම සංගමයට නොමැති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි ඔක්ටේන් 92 සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් අඩු කිරීමට රජය කටයුතු කළා.

මෙම නව මිල සංශෝධනයත් සමඟ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 299ක් ලෙසත්, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 299ක් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 361ක් ලෙසත් දැක්වෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here