කළුතර රජවත්ත ප්‍රදේශයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර හය හැවිරිදි දරුවෙකුට මරු කැඳවා කාන්තාවකට බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කළුතර කොට්ඨාශ අපරාධ විමර්ෂණ ඒකකය මගිනුයි.
මත්කුඩු ජාවාරමකට අදාළ මුදල් ගණුදෙනුවක් මත ලබා දුන් කොන්ත්‍රාත්තුවකට අනුව ප්‍රහාරය එල්ල කර ඇති බවයි හෙළිව ඇත්තේ.
ඉලක්කය අදාළ කාන්තාව වුව ද මෙම නිවසට පැමිණ සිටි අසල නිවසක දරුවෙකු ද ප්‍රහාරයට ලක්වුණා.
ප්‍රහාරයත් සමඟ දරුවාගේ කෑ ගැසීම හේතුවෙන් සැකකරුවන් රැගෙන ආ තවත් බෝම්බයක් එල්ල නොකරම පලා ගොස් තිබුණා.
එම පෙට්‍රල් බෝම්බය සහ ඒවා සැදීමට යොදා ගත් ද්‍රව්‍ය හා සැකකරුවන් ගමන් කළ යතුරු පැදිය ද සොයා ගෙන තිබෙනවා.
මෙම කොන්ත්‍රාත්තුව වෙනුවෙන් සැකකරුවන්ට ලැබී ඇත්තේ රුපියල් 5000ක මුදලක් බවටයි විමර්ෂණවල දී හෙළිව ඇත්තේ.
ප්‍රහාරය සදහා සැකකරුවන් මෙම නිවස වෙත ගමන් කරන ආකාරය මෙන්ම පෙට්‍රල් මිලදී ගැනීම සඳහා ඉන්ධන හලකට යන ආකාරය ද සීසීටී කැමරාවන් හි සටහන්ව තිබුණා.
Saru FM Media