පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් මිල පහළට

0
3


පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් ඇතුළු සියලුම ඉන්ධන වර්ගවල මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 06කින්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින්, ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 12කින්, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 06කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 05කින් අඩු කර තිබේ.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 293ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 341ක්, ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 274ක්, සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 325ක් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 178ක් බවත් එම සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here