ශ්‍රී ලංකාව පූර්ණ ස්ථාවර ආර්ථිකයක් ළඟාකර ගැනීමට නම් සිය ප්‍රතිසංස්කරණ මාවතේ රැඳී සිටීම මෙන්ම තමන්ගේම ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
ලබන වසරේදී (2026 දී) ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සියයට 3.1ක් වනු ඇතැයි ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කර ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා – ශාන්තිකර කලාපීය ආර්ථික තත්ත්වය පිළිබඳ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පසුගියදා පැවැත්වුණු අතර එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳවත් අවධානය යොමුවී තිබේ.
මෙහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය ගැන එම නියෝජිතයන් පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට 5ක ප්‍රතිශතයක පැවති අතර මෙම වසරේ පළමු අර්ධයේදී එය සියයට 4.8ක් වූ බවය. එම ආර්ථික වර්ධන වේගයේ ඇතැම් සාධක යම් තාවකාලික තත්ත්වයක් බවත් එම තත්ත්වය සාමාන්‍යකරණය වීම මත ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන ප්‍රවණතාව ලබන වසරේදී සියයට 3.1ක් වනු ඇති බවටත් ඔවුන් පවසා ඇත.
දැනට පවත්නා ප්‍රතිසංස්කරණ ප්‍රගතියක් අත්කරගෙන ඇති බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
Saru FM Media








