පූකුඩුකන්නාගේ බාල සොහොයුරාට වසර 05ක අත්හිටවූ සිරදඬුවම්

0
2


මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ හා සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරද පිළිගත් සංවිධානාත්මක අපරාධකරුවකු වන බාලචන්ද්‍රන් පුෂ්පරාජ් නොහොත් “පූකුඩු කන්නා” නමැත්තාගේ බාල සොහොයුරාට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඊයේ (21) බරපතළ වැඩ ඇතිව වසරක සිරදඬුවමක් නියම කර එය වසර 5ක කාලයක් සඳහා අත්හිටවීමක් සිදු කළා.

මෙයට අමතරව රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලක් ද නියම කෙරුණු බවයි අධිකරණ වාර්තාකරු පැවසුවේ.

මෙලෙස දඬුවම් නියම වූයේ කොළඹ 10, ජම්පටාවීදිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 36 හැවිරිදි බාලචන්ද්‍රන් ගනේන්ද්‍රන් නොහොත් ‘කිසෝ‘ නමැති තැනැත්තකුටය.

2021 වසරේ දී කොළඹ දී හෙරොයින් ශුද්ධ බර ග්‍රෑම් 1.2ක ප්‍රමාණයක් සන්තකයේ තබා ගෙන සිටියදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් විත්තිකරු අත්අඩංගුවට ගැනුණා.

මහේස්ත්‍රතාත් අධිකරණයෙන් ඇප හිමි වීමෙන් පසු විත්තිකරු විදේශයකට පලා ගොස් තිබුණා.

අනතුරුව මහාධිකරණය ඉදිරියේ අධිචෝදනා 2ක් යටතේ විත්තිකරුට එරෙහිව නඩු පැවරීමක් සිදු කළා.

විත්තිකරු නඩුවට පෙනී නොසිටීම නිසා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 241 වගන්තිය යටතේ චූදිත නොමැතිව නඩු විභාගය සිදු වූවා.

මහාධිකරණය විත්තිකරු අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කළා.

ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් භාවිත කර ඉන්දියාවට ගොස් ඇති විත්තිකරු ඩුබායි රාජ්‍යයට යෑම සඳහා ගිය මාර්තු 13 දා අලුයම නැවත මෙරටට පැමිණ තිබෙනවා.

ඒ අවස්ථාවේදී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සේවයේ නිරත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් විත්තිකරු අත්අඩංගුවට ගනු ලැබුවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here